අත් අඩංගුවට පත් කහ ගිණි ගනියි

හුංගම කළමැටිය ධීවර වරායේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගනු ලැබූ නීති විරෝධීව ඉන්දියාවෙන් ගෙන එන ලද කහ තොගය පොලිස් පතිවරයාගේ විශේෂ නියෝගයක් මත අද(30) අළුයම අම්බලන්තොට ලුණම ආදාහනාගාරය තුළ දි හා අම්බලන්තොට ප්‍රාදේශීය සභාව සතු කසළ කළමණාකරණ මධ්‍යස්ථානය තුළ දී ගිනි තබා විනාශ කිරීමට පියවර ගනු ලැබීය.

ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ  විශේෂ මෙහෙයුම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුව ඉකුත් 27 වැනි දින ටෝලර් යාත්‍රාවකින් කළමැටිය ධීවර වරායට ගෙනවිත් ගොඩබෑමට සූදානම් වෙන අවස්ථාවේදී මෙම කහ තොඟය අත් අඩංගුවට ගෙන තිබුණි.

ගිනි තබා විනාශ කර දැමීමට නියමිත කහ ප්‍රමාණය කිලෝග්‍රෑම් 20900 කි.නිරෝධායන නීතිය අනුව මෙම කහ තොඟය විනාශ කිරීමට පියවර ගත් බව උසස් පොලිස් නිළධාරියෙකු පැවසීය.

චන්ද්‍රසේන ගමගේ

Related posts