අද වෙළෙඳෙසැල් සහ ඖෂධසැල් විවෘත වෙන හැටි

ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල අද (29) උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා වෙළෙඳෙසැල් සහ ඖෂධසැල් විවෘතව තැබීමට පියවර ගෙන තිබෙනවා.

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයටම නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත් වේ.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 21 කට හා කළුතර දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 5කට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා,මේ පිළිබඳව මෙලෙස අදහස් දැක්වුවා.

“බස්නාහිර පළාතේ ඇඳිරිනීතිය තියෙන ප්‍රදේශවල, ඒ වගේම කුලියාපිටිය ප්‍රදේශයේ ඇඳිරිනීතිය ඇති පොලිස් වසම් 5ක් ආශ්‍රිතව, අත්‍යාවශ්‍ය ආහාර හා ඖෂධ මිල දී ගැනීමට අත්‍යාවශ්‍ය ආහාර සපයන වෙළෙඳසැල්, සතොස වෙළෙඳසැල්, සමූපකාර, සුපිරි වෙළෙඳසැල් සහ ඔසුසැල් විවෘත කිරීමට අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා පැය 14 කාලයක් තිබෙනවා වෙළෙඳසැල් විවෘත කිරීමට. හැකි සෑම අවස්ථාවකම සෞඛ්‍ය සිරිත්වලට අනුගත වෙලා කටයුතු කිරීම අනිවාර්ය වෙනවා. දුරස්ථභාවය තියා ගන්න. ඒ වගේම මුහුණු ආවරණය පැළඳ කටයුතු කරන්න.“

Related posts