අන්තවාදි ජාතිවාදි දේශපාලකයන් ද්‍රවිඩ මුස්ලිම් ජනතාව බිය ගැන්වුවා

පසුගිය ජනාධිපති මැතිවරණයේදි ද්‍රවිඩ මුස්ලිම් ඡන්ද නොලැබිම නිසා පැරදුන නුවරඑළිය දිස්ත්‍රික්කය මෙවර පාර්ලීමේන්තු මැතිවරණයේදි එම ද්‍රවිඩ මුස්ලිම් ඡන්දද ලැබිමත් සමග පොහොට්ටුව නුවරඑළිය දිස්ත්‍රික්කයද ජය ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් පොදු ජන පෙරමුණ අපේක්ෂක එස්. බි. දිසානායක මහතා පවසයි.

හැටන් අජන්තා ශාලාවේදි 08වන දින සවස පැවැති පාක්ෂික හමුවකදි මේ බව පැවසු එස්. බි. දිසානායක මහතා වැඩි දුරටත් මෙසේ පවසන ලදි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මැතිවරණයට තරග කරන විට අන්තවාදි ජාතිවාදි දේශපාලකයන් ද්‍රවිඩ මුස්ලිම් ජනතාව බිය ගැන්වුවා ගොඨාභය කියන්නේ බයානක මිනිහෙක් කියලා එත් දැන් එම අය දන්නවා ගොඨාභය රාජපක්ෂ කියන්නේ කවුද කියලා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මුස්ලිම් ඡන්ද විසිතුන් දාහාක් තියෙනවා එයින් ඡන්ද දස දහසක් පමන මෙවර පොහොට්ටුවට ලැබෙනවා එමෙන්ම ද්‍රවිඩ ඡන්දද විශාල ප්‍රමාණයක් මෙවර පොහොට්ටුවට ලැබෙනවා 2005 මහින්ද රාජපක්ෂ මහතා නුවරඑළිය දිස්ත්‍රික්කය පරදින විට හගුරන්කෙත අපි ජය ගත්තා.

එමෙන්ම පසු ගිය ජනාධිපති මැතිවරණයේදි ගොඨාභය රාජපක්ෂ මහතා නුවරඑළිය දිස්ත්‍රික්කය පරදින විට හගුරන්කෙත අපි ජය ගත්තා එම මැතිවරණය මම මෙහෙයවුවේ මහ නුවර සිටයි එත් දැන් මම නුවරඑළිය දිස්ත්‍රික්කයට පැමින සිටිනවා එම නිසා මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මස්කෙළිය, වලපනේ, කොත්මලේ, හගුරන්කෙත යන ආසන සියල්ලම පොහොට්ටුව ජය ගන්නවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පදවියට පත්වුන විට කොරෝනා වසංගය ආවා එය අපිට මෙන්ම ලෝකයටම බල පැවා අදටත් ඉංදියාව ඇමරිකාව වගේ රටවල දිනපතා කොරෝනා රෝගින් දහාස් ගනන් හමු වෙනවා දිනපතා විශාල පිරිසක් මිය යනවා එත් අපේ රටේ දැන් දින පනස් තුනකින් පමන සමන්‍ය ජනතාව අතරින් කොරෝනා රෝගියකු හමුවෙලා නැහැ එම තත්වයන් මත අද ලෝක නායකයන් පවා කියන්නේ හරියටම කොරෝනා පාලනය කලේ ගෝඨාභය රාජපක්ෂ මහතා කියලායි.

එක්සත් ජාතික පක්ෂය අද දෙකට කැඩිලා ඔවුන් අද අත් කකුල් කැඩුන අය බවට පත්වෙලා එම තත්වයන් මත එක්සත් ජාතික පක්ෂයට සම්බන්ද බොහෝ අය මේ වන විට පොහොට්ටුවට එක්වෙමින් සිටිනවා වතු කම්කරුවන්ට රුපියල් දහාසේ වැටුප් වැඩි කිරිම සිදු කිරිමට ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරනවා දිවංගත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් ඉල්ලිමත් එයයි එය අප රජයක් යටතේ ඉදිරියේදි සිදු කරනවා.

සමන්‍ය පෙල සමත් නැති පිරිස් සදහා කාර්යාල සහයක, රෝහල් කම්කරු, පුස්ථකාල සහයක, වැනි රැකියා ලබා දිම සදහා සම්මුග පරික්ෂන පැවැත්වුවා එම සියලුම දෙනාට අදාල රැකියා ලබා දිමට ඉදිරියේදි පියවර ගන්නවා එමෙන්ම සමන්‍ය පෙල, උසස් පෙල සමත් දරුවන්ටත් රාජ්‍ය සේවයේ රැකියා ලබා දිමටත් පියවර ගන්නවා.

ලංකාවේ හොදම දිස්ත්‍රික්කය තමයි නුවරඑළිය ලෝකයේ හොදම ගොල්ප් ක්‍රිඩා පිටිය තියෙන්නේ නුවරඑළියේ එය අක්කර 300 ඉඩම් ප්‍රමාණයක් එවැනි ක්‍රිඩා පිටියක් අදටත් ලෝකයේ කොහේවත් නැහැ කුමාර සංගක්කාර මහතා කියා තිබෙනවා මෙහි ගොල්ප් ක්‍රිඩා කරන්න වසරකට වීදේශිකයන් දස දහසක් ගෙන්වන්න පුලුවන් කියලා එවිට එයින් අපිට විශාල අදායමක් ලැබෙනවා.

එමෙන්ම අශ්ව රේස් සදහා හොදම ක්‍රිඩා පිටිය තියෙන්නෙත් නුවරඑළියේ මම ක්‍රිඩා ඇමති ලෙස ඉන්න විට මෙම ක්‍රිඩා පිටි දෙකම සංවර්ධන කිරිමට පියවර ගත්තා මේ මස්කෙළිය ආසනයේ එකම ජාතික පාසලක්වත් නැහැ ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍ය වෙලා තියෙනවා හැම ආසනයකම ජාතික පාසල් පහක් බැගින් ආරම්භ කරන්න ඒ අනුව මෙහිද ජාතික පාසල් පහක් ආරම්භ කිරිමට පියවර ගන්නවා.

අද වන විට හෙදියන් ලක්ෂ දෙකක අඩුවක් පවතිනවා මෙම හෙදියන් පුහුණු කිරිම සදහා හෙද විදුහල් වැඩි වශයෙන් ආරම්භ කිරිමට අපි පියවර ගන්නවා උපාධිධාරින් හතලිස් නව දාහාක් පමන රැකියා නොමැතිව සිටිනවා එම අයට රැකියා ලබා දිමටත් අපි පියවර ගන්නවා ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍ය රාජ්‍ය සේවය තවත් පුලුල් කරලා අපේ දරුවන්ට රාජ්‍ය සේවයේ රැකියා ලබා දිමටයි.

එත් ඉතිහාසය පුරාවටම එක්සත් ජාතික පක්ෂය සිදු කලේ රාජ්‍ය සේවය අඩු කිරිමටයි මේ රටේ අනාගතය සාර්ථක කිරිමට ගොඨාභය රාජපක්ෂ මහතාට වැඩ කල හැකි රජයක් අවශ්‍යයි එම නිසා මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි පොදු ජන පෙරමුණේ පොහොට්ටුව දිනවිමට කටයුතු කරන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts