අඹගමුවේ කොවිඩ් ආසාදිතයන් ගණන අසු එක දක්වා ඉහලට

covid infections today

අඹගමුව සෞඛ්‍ය බල ප්‍රදේශයේ 05වන දින කොවිඩ් 19 ආසාදිතයන් විසි එක් දෙනකු  හමුවිමත් සමග මෙම බල ප්‍රදේයේ කොවිඩ් ආසාදිතයන් ගනන අසු එක දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්. කාමදේවන් මහතා පවසයි.

මෙම ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදියන් ලෙස හමුවු පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් මෙසේ 05වන දින හදුනා ගත් කොව්ඩ් ආසාදිතයන්ගෙන් 16 දෙනකුම දැනට සංචාර සිමා පනවා ඇති වැලිඔය දඩුකැලේ වතුයායෙන් වන බවත් එම තත්වයන් මත එම වතුයායෙන් පමනක් කොවිඩ් ආසාදිතයන් 26 දෙනකු වාර්ථාවන බවද ඔහු පවසන ලදි.

තවත් දෙදෙනෙක් අගරවත්ත හා ආග්‍රඔය වතුවලින් හදුනාගෙන ඇති බවත් කලුගල  මාර්ග බාධකයේ සිදු කරන ලද අහඹු පි. සි. ආර්. පරික්ෂාවලදිද හය දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බවත් එයින් එක් අයකු කොටගලද දෙදෙනකු නාවලපිටියෙන්ද අනික් තිදෙනා ගිනිගත්හේන ප්‍රදේශයේ බවද ඔහු පවසන ලදි.

දඩුකැලේ වතුයායෙන් හමුවු කොවිඩ් ආසාදිතයන් 16 දෙනා අතර පාසල් සිසු සිසුවියන් තිදෙනකුද සිටින බවත් ඉන් එක් අයකු අවුරුදු 11 වයසැති අයකු බවත් එම පිරිස ඇසුරු කල ආශ්‍රිතයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමටද පියවර ගෙන ඇති බවද කාමදේවන් මහතා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts