අලි ප්‍රහාරයකට වන්දි ලක්ෂයයි

සුලි සුළගකට නාය යැමකට ආදී ආපදාවක දී රුපියල් ලක්ෂ 25ක් දක්වා නිවාස හා දෙපල හානි වෙනුවෙන් වන්දි ලබා දීමේ වැඩපිළිවෙලක් තිබුණත් වන අලි හානි කරන නිවාසවලට සම්පූර්ණයෙන් නිවස කඩා දමා තිබුණත් ලබා දෙන්නේ රුපියල් ලක්ෂයක් පමණක්  බව පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා පවසයි.

සහකාර අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේ ආපදා කළමනාකරණයේ දී මාධ්‍යවල කාර්යභාරය යන මැයෙන් පොලොන්නරුව දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකට පොලොන්නරුව බැඳිවැව ආරිය හෝටලයේ දී ඉකුත්(09) දා  එක් වෙමිණි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ සහකාර අධ්‍යක්ෂවරයා මෙසේ ද පැවසීය.

“ආලි මිනිස් ගැ‍ටුම විශාල වශයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ උත්සන්න වෙලා තියෙනවා.අපි යෝජනා කරලා තියෙනවා වනෝද්‍යාන වටා විදුලි වැට ගැහීම පිළිබදව අවධානය යොමු කරන්න කියලා.පවතින විදුලි වැටවල් ශක්තිමත් කිරීමත් ඒ වගේම මිනිස් ක්‍රියාකාරකම් හැකි තාක් වනජීවී කලාපවලින් බැහැර කරවා ගැනීම අත්‍යවශ්‍ය දෙයක්.

අලින් විසින් විනාශක කළ නිවාස හා වගා හානි සදහා වන්දි ගෙවිමේ දී අපේ දැනට තිබෙන ක්‍රමවේදය තමයි නිවාස හානි වෙච්ච අයට ඒ වෙලාවෙම ගිහිල්ලා රුපියල් 10 000ක් දෙන එක.හැබැයි අලි හානි කළාම උපරිමය දෙන්න පුළුවන් රුපියල් ලක්ෂයයි.

ගංවතුර සුලි සුලං නාය යාම් ආදි අනෙකුත් ආපදාවල දී අප්පි රුපියල් 25 ලක්ෂය දක්වා වන්දි මුදල් ලබා දෙනවා.ඕනැම පුද්ගලයෙකුට.හානියට පත් වුණේ රජයේ සේවකයෙකුට ද වෙන කෙනෙකුට ද කියලා නැතුව.

හැබැයි අලි කැඩුවාම රුපියල් 10000ක් දෙනවා තවත් දවස් තුනකින් 25000ක් දෙනවා.හැබැයි ඊට වඩා වැඩි හානිය අපි ඇස්තමේන්තු කරලා වාර්තාවත් සමග කොළඹට යවන්න ඕන.එහි දීත් ඒක අනුමත වෙලා එන්න කාලයක් ගත වෙනවා.හැබැයි මේ විපතට පත් වෙච්ච මනුශ්‍යයාට වැහි කාලයක දී මේ ආපදාව වුණා නම් මාස ගණනක් අර මුදල් ලැබෙනකල් බලා ඉන්න වෙනවා.

ඒ විපතට පත් වෙච්ච කෙනා කොහෙද ඉන්නේ.අලි පහර දීලා නිවසක් විනාශ වුණාම රුපියල් ලක්ෂයයි දෙන්නේ.ඒකත් මාස ගණනක් පරක්කු වෙලා.ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් ජාතික ආපදා කලමනාකරණ කමි‍ටුවට යෝජනා කරලා තියෙනවා මේ සදහා රුපියල් ලක්ෂ 50ක් පමණ දිසාපතිවරයාට වෙන් කරලා තියන්න ආපදා සදහා වන්දි ගෙවන්න.එහෙම ක්‍රමයක් තිබුණොත් කඩිනමින් ජනතාවට සහන සලසන්න  පුලුවන් වෙනවා.එහෙම අරමුදලක් පවත්වා ගැනීම හොදයි.

දිස්ත්‍රික් ලේකම් වෙත බලප පැවරූ.වන අලි හානි වලින් නිවාස කැඩුනොත් රුපියල් ලක්ෂයයි ගෙවන්නේ ඒකත් අහිංසක ජනතාවට කරන අසාධාරණයක්.ඊළගට වී වලට ගෙවන්නේත් නෑ.අලි ඇවිල්ලා වී බීලා යනවා ගෙවන්න විදිහක් නෑ.ඇත්තටම මේක අහිංසක ජනතවට පුදුම අසාධාරණයක්.අපි යෝජනා කරලා තියෙනවා එවැනි ආපදාවලදී ගෙවන වන්දි මුදලටත් දිස්ත්‍රික් මට්ටමෙන් අරමුදලක් පිහි‍ටුවන්න.

අසරණ ගොවින්ට සිදුවන අසාධාරණයට සාධාරණය ඉ‍ටු කරන්න කියලා අපි යෝජනා කරලා තියෙනවා.අපි මේ වන විට දිස්ත්‍රික්කයේ හදිසි අනතුරු කමි‍ටුවක් පත් කරන්න කටයුතු කරලා තියෙනවා.අනතුරුවලින් ජීවිත හානි වුණ පවුල් සම්බන්ධයෙන් ආබාධිත වූ පුද්ගලයින් සම්බන්ධයෙන් සහන සැලසීම සදහා අවධානය යොමු කරලා තියෙනවා.

මේ වන විට අපි දිස්ත්‍රික්කයක් ලෙස ගංවතුර ආපදාව අවම කරන්න ක්‍රියා මාර්ග අරගෙන තියෙනවා.අපේ දිස්ත්‍රික්කයේ ගංවතුර තර්ජන තියෙන ප්‍රදේශ මොනවාද ඒ ප්‍රදේශවල ආබාධිතයින් කොච්චරක් ඉන්නවාද ගැබිනි මව්වරුන් කොච්චරද කියලා අපි ළග තොරතුරු තියෙනවා ග්‍රාමීය ආපදා කමි‍ටු පිහි‍ටුවලා තියෙනවා.

ඒ වගේම හදිසි තත්ත්වයක් ඇති වුණොත් හදිසි මෙහෙයුම් කමි‍ටුවක් පිහි‍ටුවලා තියෙනවා එවැනි අවස්ථාවල ක්‍රියාත්මක වෙන්න.”මෙම අවස්ථාවට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් පිරිසක් සහභාගී වූහ.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Related posts

Leave a Comment