අලි පැටියෙකු දම්වැල් මංකඩ කොන්ක්‍රීට් ඇළට වැටෙයි

මව් ඇතින්න ඇතුළු අලි රංචුවෙන් කඩන්දු වූ අලි පැටියෙකු ඓතිහාසික සෝමාවතිය පුදබිම් මාර්ගයේ දම්වැල් මංකඩ කොන්ක්‍රීට් ඇළට වැටී සිටිය දී  උදෑසන සුංගාවිල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරින් විසින් ගොඩ ගෙන සෝමාවතිය ජාතික වනෝද්‍යානයට මුදා හැරීමට පියවර ගත් හ.

ගම් වැදුණු අලි රංචුව ආපසු සෝමාවතිය වනෝද්‍යානයට යන අතර තුර මෙම අලි පැටියා දම්වැල් මංකඩ කොන්ක්‍රීට් ඇළ මාර්ගයට වැටී තිබේ.

ඉන් ගොඩ ඒමට මහත් වෙහෙසක් ගත් අලි පැටියාගේ හිස කොන්ක්‍රීට් බැම්මේ වැදී තුවාල වී තිබූ අතර ගව පට්ටි බැලීමට යන පුද්ගලයෙකූ විසින් සුංගාවිල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයට දැනුම් දීමෙන් පසු වනජීවී නිලධාරින් එම ස්ථානයට පැමිණ අලි පැටියා බේරා ගෙන තිබේ.

බේරා ගත් අලි පැටියාගේ හිසෙහි වූ තුවාලවලට බෙහෙත් යොදා අලි පැටියා වනයට මුදා හැරීමට වන ජීවී නිලධාරිහු ක්‍රියා කළ හ.අවුරුදු 3ක් පමණ වයසැති මෙම අලි පැටියාද පිරිමි සතෙකි.පින්තූරයේ දැක්වෙන්නේ අලි පැටියා කොන්ක්‍රීට් ඇලේ වැටී සිටින අයුරුයි.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Related posts