ඇඳිරි නීතිය තවදුරටත් කි‍්‍රයාත්මකයි

දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන පොලිස් බල ප‍්‍රදේශවලට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් කි‍්‍රයාත්මකයි.

මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේදී පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් අදාළ ප‍්‍රදේශවල ජංගම මුර සංචාර ද කි‍්‍රයාත්මක බවයි පොලීසිය පැවසුවේ. මේ, ඒ පිළිබඳ අදහස් පළ කළ පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.

නිරෝධායන රෙගුලාසි කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

Related posts