ඇස්ට්‍රොසෙනෙකා එන්නත අපනයනය අත්හිටුවයි

corona

ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා මර්දන එන්නත අපනයනය අත්හිටවූ බව ඉන්දිය මාධ්‍ය සදහන් කරයි.

එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ, දේශීය අවශ්‍යතාව සඳහා ප්‍රමුඛතාව ලබාදීමේ අරමුණින් එම තීරණය ගත් බවයි.

ඉන්දීයාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග ඉදිරි සතිවල දේශීය එන්නත් ඉල්ලුම ඉහළ යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා එන්නත් බෙදා හැරීමේ කොවැක්ස් වැඩපිළිවෙළට අයත් රටවල් 190 කට ඉන් බලපෑම් වනු ඇති.

ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 12 කට ආසන්නයි.

Related posts