ඉන්දියාවේ කොවිඩ් එන්නත් හිඟයක්

corona-ennatha

එන්නත්කරණ වැඩසටහන සඳහා ප්‍රමාණවත් තරමේ එන්නත් තොග නොමැති බව ප්‍රාන්ත කිහිපයකම බලධාරීන් පවසා තිබුණි.මේ අතර, කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ගිනි ඇතිවීම සහ ඔක්සිජන් හිඟකම නිසා ඉන්දියාව මේ වන විට තවත් ඛේදවාචකයකට මුහුණදී සිටී.

රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V” කොවිඩ් මර්දන එන්නතේ පළමු තොගය ඉන්දියාවට ලැබී තිබුණේ එවන් පසුබිමකය.

ඉන්දියාව තුළ හදිසි භාවිතයට අවසර හිමි වූ තෙවැනි කොවිඩ් එන්නත මෙය වන අතර ඉන් මාත්‍රා මිලියන 850 ක් රට තුළ නිපදවීමටද ඉන්දියාව අපේක්ෂා කරයි.

ගෙවුණු දිනයේත් ඉන්දියාවෙන් ලක්ෂ 4කට ආසන්න කොවිඩ් ආසාදිතයන් පිරිසක් හඳුනාගෙන තිබේ.වසංගත ව්‍යාප්තිය තුළ දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව පසුකර ගිය ලොව පළමු රට ඉන්දියාවයි.

රට මෙතරම් දරුණු ව්‍යසනයකට මුහුණදී සිටියදීත් ආගමික නායකයකුගේ උපන්දිනය වෙනුවෙන් අම්රිත්සාර් නගරයේ එම උත්සවය සමරමින් අගමැති නරේන්ද්‍ර මෝදි නවදිල්ලි නගරයේ සික් දෙවොලකදී ආගමික වතාවත් ඉටුකිරීම සඳහා එක්ව සිටියේය.

Related posts