ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 10ක් මරුට

ඉන්දියාවේ මුම්බායි නගරයේ පිහිටි මහල් තුනකින් සමන්විත ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් ඇත.

මෙලෙස කඩාවැටී ඇත්තේ නිවාස සංකීර්ණයක් වන අතර , සුන්බුන් අතර සිරවී සිටි 11 දෙනෙකු බේරාගෙන ඇති නමුත් තවත් 26 දෙනෙකු පමණ එතුළ සිරවී සිටින බව ද ඉන්දීය වාර්තා සදහන් කරයි.

Related posts