ඉන්දීයාවේ කොරෝනා ආසාදිත තරුණියක් ගිලන් රථයේදී දූෂණයට

ඉන්දියාවේ කොරෝනා ආසාදිත තරුණියක් රෝහලට රැගෙන යම්න් සිටින අතරතුර ගිලන් රථයේ රියදුරු විසින් දූෂණයට ලක් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම තරුණිය කොරෝනා වෛරසය ආසාදිත යැයි සැකපිට ඥාතියෙකුගේ නිවසෙහි නිරෝධායනය වෙමින් සිටි අතරතුර කළ වෛද්‍ය පරීක්ෂණයක් අනුව ඇය ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබිණි.

පසුව සෞඛ්‍ය අංශ විසින් ඇයව තවත් රෝගී කාන්තාවක් සමග රෝහල් වෙත යවා ඇති අවස්ථාවේදි ගිලන් රථ රියදුරු එම කාන්තාව රෝහලක් වෙත බාරදී වින්දිත තරුණිය පාළු ස්ථානයකට රැගෙන ගොස් අතවර කර ඇති බව වාර්තා වෙයි.

Related posts

Leave a Comment