ඉහල පැලැන්තිය මැදිහත්ව වදහිංසනය වලක්වනු ඇතැයි සිතීම මෝඩකමක්  

පසුගිය ජුනි මස 16 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැදගත් නඩු තීන්දුවක් ප්‍රධානය කරනු ලැබීය. ඒ දොන් සමන්ත පෙරේරාට ඒදිරිව හෙට්ටිපොල පොලීසියේ ස්ථානාධිපති ඇතුලු තවත් නිලධාරීන් දෙදෙනෙකුට ඒරෙහිව පැවති වදහිංසා නඩුවක් (SC FR APPLICATION 296/2014) සම්බන්ධයෙනි.

මෙම නඩුවේ පැමිණිල්ල වුයේ  හිටපු හමුදා සෙබලෙකු වූ දොන් සමන්ත පෙරේරාය. ඔහු හෙට්ටිපොල පොලීසියේ දී  උඩ ඒල්ලා අමානුෂික ලෙස පහරදීම, නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම හා නීති විරෝධී ලෙස රදවා තබා ගැනීම නිසා තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට චෝදනා කරමින් අදාල පොලිස් නිළධාරීන්ට ඒරෙහිව නඩු පවරා තිබුනි. ඒම චෝදනා පිළිගත් ශ්‍රේෂ්ඨාධිකණය අදාල පැමිණිලිකරැගේ මුලික අයිතිවාසිකම් කඩවී ඇති බවටත්, ඒ් වෙනුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් රැපියල් ලක්ෂයක මුදලක් හා රජය විසින් රැපියල් ලක්ෂයක මුදලක් වන්දි වශයෙන් ඔහුට පිරිනැමිය යුතු බවට නියෝග කළාය.

මේ වෙනුවෙන් වැය කළ කාලය හා වියදමට අනුව ඒම වන්දිය සුළු වුවත්, මෙම නඩුවේදී ශ්‍රී ලංකාවේ පවතින වදහිංසාව වැලැක්වීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණයේ  විසින් තවත් වැදගත් නිර්දේශ කිහිපයක් රජයට ලබා දී තිබේ. ඒම නිර්දේශයන් වූයේ,

‘‘මෙම අධිකරණය ඉදිරියේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් නඩු ප‍්‍රමාණය අනුව පොලිස් ප‍්‍රචණ්ඩත්වය, අත්තඩංගුවේ දී වදහිංසා පැමිණවීම හා මරණ හෙළිදරව් වී ඇත. මෙයින් පෙනී යන්නේ රජය මෙම ප‍්‍රශ්ණය විසිදීම සදහා හෝ එය අඩු කිරීම සදහා පියවර ගත යුතු බවය.‍‍

මානව හිමිකම් ප‍්‍රඥප්තියේ 10 වන වගන්තියට අනුව අත්තඩංගුවට ගන්නා හෝ රඳවා ගන්නා හෝ හිරබාරයේ පසුවන ඔිනෑම පුද්ගලයන් පිිළිබදව ක‍්‍රියාකාරී වන සියලුම නීතිය ක‍්‍රියාත්මක කිරීමේ නිළධාරීන්ට, සිවිල් හා මිලිටරි, වෛද්‍ය වෘතියේ යෙදෙන්නන්, සිවිල් සේවකයන් හා වෙනත් පුද්ගලයන්ට, වධහිංසාවට විරුද්ධව පවතින නීතිය පිළිබදව අධ්‍යාපනයක් ලබා දීම හා තොරතුරු සැපයීම රජයක් විසින් කල යුතුය.’’

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් මෙම නිර්දේශය ඉතා වැදගත් වන අතර, වෙනත් රටක නම්, ඒම නිර්දේශ අනුව කටයුතු කිරීම රජයෙත් අනෙකුත්  මේ සම්බන්ධව කටයුතු කරනු ලබන ආයතනයන් හි වගකීම වේ. මින් පෙර පැවති නඩු කිහිපයකදී ද ශ්‍රේෂ්ඨාධිකරණ විසින් මෙවැනි නිර්දේශ රජයට මෙන්ම පොලිස්පතිවරයාටත්, නීතිපතිවරයා ඇතුලු අනෙකුත් මේ සම්බන්ධව කටයුතු කරනු ලබන ආයතන වෙත ලබා දී තිබේ.

ඒම නිර්දේශ හෝ වදහිංසනයට ඒරෙහිව දැනට රට තුළ පවතින නීති හරි හැටි ක්‍රියාත්මක වූවා නම්, අද වදහිංසනයෙන් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය වන්නට බොහෝ ඉඩ තිබුනි. නමුත්, අවසනාවකට මේ සම්බන්ධව පවතින නීති හෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සූදානම් රජ්‍ය යාන්ත්‍රණයක් අප රට තුළ තවම නිර්මාණය වී නොමැත.

ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ මේ යාන්ත්‍රණයන් තුළ ඉහල සිටින දේශපාලඥයින් මෙන්ම, නිලධාරීන් වදහිංසාව නිල නොවන ආකාරයෙන් හෝ පවත්වාගෙන යාමට ඇති කැමැත්තයි. ඔවුන් තමුන්ගේ දුර්වලතා වසා ගැනීම සදහාත්, විරැද්ධවාදීන් මෙන්ම, දුගියන් මර්ධනය කිරීම සදහාත්, වෙනත් උවමනාවන් සදහාත් වදහිංසාව පවත්වාගෙන යනු ලබයි.

ඒම නිසා, මෙම ඉහල පැලැන්තිය මැදිහත්ව මෙම තත්ත්වය වෙනස් කරැනු ඇතැයි තව දුරටත් කල්පනා කිරීම විශාල මොඩකමකි. වදහිංසාව පැවතීම සත්‍ය වශයෙන්ම ජනසමාජයක පැවැත්මට ගැටලුවක් නම්, ඒම සමාජය විසින් ඒයට විරැද්ධව ප්‍රබල ක්‍රියාකාරීත්වයක් ගොඩනැගිය යුතුව ඇත. ඒවැනි බලපෑමකින් තොරව මෙම තත්ත්වය කිසිසේත් වෙනස් කළ නොහැක. මේ නිර්මාණය වෙමින් පවතින්නේ ඒ සදහා අවස්ථාවයි.

Related posts

Leave a Comment