ඊෂි කැෂ් ක්‍රමයට හෙරෝයින් කුඩු බෙදා හරින පුද්ගලයකු අත් අඩංගුවට

කන්ද උඩරටට, වතුකරයට මෙන්ම අම්පාර, බිබිල, මොණරාගල යන ප්‍රදේශවලට ඊෂි කැෂ් ක්‍රමයට හෙරෝයින් කුඩු බෙදා හරින පුද්ගලයකු හැටන් පොලිසියේ දුෂන මර්ධන අංශයේ නිලධාරින් විසින් 26වන දින රාත්‍රියේ මෝටර් රථයක්ද සමග අත් අඩංගුවට ගෙන ඇත.

හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතාගේ අධික්ණය මත ක්‍රියාත්මක වන හැටන් පොලිසියේ දුෂන මර්ධන අංශයේ නිලධාරින් විසින් 26වන දින රාත්‍රියේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ක්ෂනික මාර්ග බාධකයක් යොදා කරන ලද රථ වාහන පරික්ෂාවකදි මොටර් රථයකින් හෙරෝයින් මත් කුඩු මිලි ගැම් 2100 රැගෙන පැමිනි මෙම පුද්ගලයා එම මෝටර් රථයද සමග මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් මෙම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරිම්වලදි මෙම පුද්ගලයා කදුකරයට, මෙන්ම වතුකරය හා මොණරාගල, බිබිල, අම්පාර යන ප්‍රදේශවලට ඊෂි කැෂ් ක්‍රමයට මත් කුඩු බෙදා හරින පුද්ගලයකු බවට අනාවරණය විඇති බව හැටන් උසස් පොලිස් නිලධාරියකු පවසන ලදි.

මෙම සැකකරුගෙන් වැඩි දුර ප්‍රශ්න කිරිම් සිදු කරන බවත් එම ප්‍රශ්න කිරිම්වලදි තවත් කරුනු අනාවරණය වෙනු ඇතැයිද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

හැටන් ජේශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතාගේ අධික්ෂනය මත හැටන් පොලිස් අධිකාරි 01 කිර්ති රණවිර මහතාගේ මෙහෙයවිමෙන් හැටන් කොට්ඨාශ දුෂන මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක දසනායක මහතා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් මෙම වැටලිම සිදුකර ඇත.

හැටන් ජේශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතාගේ උපදෙස් මත හැටන් කොට්ඨාශ දුෂන මර්ධන අංශයේ නිලධාරින් මේ පිලිබදව වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇත.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts

Leave a Comment