උපකාරක පංති නවතී

closed

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ පවත්වනු ලබන කරාටේ පංති, නර්ථන පංති ආදිය නතර කිරිමට උපදෙස් ලබා දුන් බව හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන බාලචන්ද්‍රන් මහතා පවසනුයේ කොවිඩ් වසංතය පැතිර යාමත් සමග හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව සදහා සියලුම උපකාර පංති නතර කලා සේම කරාටේ පංති නර්ථන පංති ආදියද නතර කිරිමට උපදෙස් ලබා දුන් බවත්ය.

මෙම උපදෙස්වලට පිටු පාමින් යම් අයෙක් කටයුතු කරන්නේ නම් එම අයට විරුද්ධව නිති මගින් කටයුතු කරන ලෙසට නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින්ට උපදෙස් ලබාදි ඇති බවද ඔහු තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Please follow and like us:

Related posts