උසස් පෙළ විභාගය අද

exam department

කොවිඩ් නයින්ටීන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (12) ආරම්භ වීමට නියමිතය.

විභාගය අද දිනයේ සිට නොවැම්බර් මස 06 වන දින දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2648කදී පැවැත්වේ.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 362,824 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

විභාග මධ්‍යස්ථාන තුළ විෂබීජහරණ කටයුතු, මුඛ ආවරණ පැළඳීම, දෑත් සේදීම, පුද්ගල දුරස්ථභාවය ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කිරීම අනිවාර්යය බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

විභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් වේ නම් විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික ඇමතුම් අංකයට හෝ 0112 784 208 සහ 0112 784 537  යන දුරකථන අංක ඔස්සේ දැනුම්දිය හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සියලුම අයදුම්කරුවන් වෙත ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇති අතර ප්‍රවේශ පත්‍ර නොලැබුණු අයදුම්කරුවෙකු සිටී නම් සිය ජාතික හැදුනුම්පත් අංකය භාවිත කර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් සිය අයදුම්පත භාගත කර ගත හැකි බව ද එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

Related posts

Leave a Comment