එකම පවුලේ පස් දෙනකු‌ට කොවිඩ්

covid infections today

බගවන්තලාව සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් 01වන වන තවත් කොවිඩ් 19 ආසාදිතයන් හය දෙනකු හමුව ඇති අතර එයින් පස් දෙනකු එකම පවුලේ අය බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ගනේස් මහතා පවසයි.

කොළඹ ප්‍රදේශයේ සිය බගවන්තලාව බොගවාන වතුයායට පැමිනි පුද්ගලයකු කොවිඩ් ආසාදිතයකු ලෙස මුලින් හදුනාගත් බවත් එම ආසාදිතයාගේ මව අවුරුදු 63, පිය අවුරුදු 71, බිරිද අවුරුදු 33, දුව, පුතා අවුරුදු 18 අඩු, යන පස් දෙනාම කොවිඩ් 19 ආසාදිතයන් බවට පි. සි. ආර්. පරික්ෂාවලදි හෙලිව ඇති බවද ගනේස් මහතා පවසන ලදි.

මුලින් හදුනාගත් කොවිඩ් 19 ආසාදිතයා නගරයේ වෙලද සැලකට ගොස් තිබු අතර එම වෙලද සැලේ පිරිස පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු එම වෙලද සැල් හිමිකරුද කොවිඩ් 19 ආසාදිතයකු බවට හෙලිව ඇති බවත් ඒ අනුව බගවන්තලාව සෞඛ්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් විසි එක දක්වා ඉහල ගොස් ඇති බවද ඔහු පවසන ලදි.

බස්නාහිර පලාතේ විවිධ ප්‍රදේශවල සිට දිපවාලියට වතු කරයට පැමිනි පුද්ගලයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ කොවිඩ් රැල්ලක් නිර්මාණයවු බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts