එකම පවුලේ 12 දෙනකුට කොවිඩ්

gampaha-corona

හැටන් ඩංබාර් වතුයායේ නිවාස සංකිර්නයේ නිරෝධානයට ලක් කර සිටි එකම පවුලේ 12 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ අයකු  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන අයකු බවත් එම අය කොවිඩ් ආසාදිතයකු ලෙස හදුනා ගැනිමෙන් පසු එම ආසාදිතයාගේ ආශ්‍රිතයන් ලෙස එම පවුලේ පිරිස ස්වයං නිරෝධානයට ලක් කර කරන ලද පි. සි. ආර්. වාර්ථා මත මෙම 12 දෙනා කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගෙන ඇති බවත්ය.

එමෙන්ම හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ හැටන් සමනල ගම ප්‍රදේශයේ එකම පවුලේ මවක් හා දියණියක්ද හැටන් ආරිය ගම ප්‍රදේශයේ පිරිමි පුද්ගලයකුද කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගෙන ඇති බවද එම නිලධාරියා පවසන ලදි.

එම අසාදිතයන් 15 දෙනාගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගෙන ඇති පිරිසක් මේ වන විට ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගෙන ඇති බවත් එම පිරිස පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts