පාර්ලීමේන්තු මැතිවරණයේදි බහුතර මන්ත්‍රීධුර සංඛාවක් එ.ජා.ප යට

එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් වෙනත් පක්ෂයකින් තරග කලත් මේ රටේ එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන පාක්ෂිකයන් සිටිනතාක් එක්සත් ජාතික පක්ෂය විනාශ කිරිමට නොහැකි බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මංත්‍රිධුර හයක් ලබා ගන්නා බවත් නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කේ. කේ. පියදාස මහතා පවසයි.

හැටන් ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකදි මේ බව පැවසු කේ. කේ. පියදාස මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි බහුතර මංත්‍රි සංඛාවක් ලබා ගෙන මේ රටේ පාලන බලය ලබා ගන්නේ එක්සත් ජාතික පක්ෂයයි අපි නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ද මංත්‍රිධුර හයක් ස්ථිර ලෙසම ලබා ගන්නවා එය වෙනස් කරන්න බැහැ මොකද මේ ප්‍රදේශයේ මෙන්ම මේ රටේ ජනතාව දන්නවා එක්සත් ජාතික පක්ෂය මේ රට සංවර්ධනය කිරිමට කටයුතු කල අකාරය.

පසු ගිය ජනාධිපති මැතිවරණයේදි පොහොට්ටුවේ අය මැතිවරණ වේදිකාවල කියන තරමක් කිවේ පට්ටපල් බොරු දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා විදෙස් රටවලට විකුනන බව පැවසුවා ජාති වාදයක් ඇති කලා එදා එම්. සි. සි. ගිවිසුම හරහා රට විකුනනවා කියලා කැගහපු විමල්ලා ගම්මන්පිලලා අද කිසිම සද්දයක් නැහැ.

පසු ගිය කාලය තුලදි මේ නුවඑළිය දිස්ත්‍රික්කයේ විවිධ සංවර්ධන කටයුතු සදහා සැලසුම් හැදුවත් යහා පාලන රජයේ සමහර අය එයට ඉඩ දුන්නේ නැහැ එත් මෙවර අපි රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය මත තනිකර එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවලා මෙම දිස්ත්‍රික්කයේ විශාල සංවර්ධනයක් කිරිමට කටයුතු කරනවා.

මෙම නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශාල සම්පත් ප්‍රමාණයක් තියෙනවා එම සම්පත් උපයෝගි කර ගෙන අපිට පුලුවන් මෙම දිස්ත්‍රික්ක සංවර්ධනය කරන්න නුවරඑළිය වගේම හැටන් නගරය තුලත් සංචාර ව්‍යාපාරය නගා සිටුවන්න පුලුවන් ඒ තුලින් මෙම ප්‍රදේශයේ රැකියා ප්‍රශ්නයට විසදුම් දෙන්න පුලුවන් එමෙන්ම මෙම ප්‍රදේශයේ ජාතික පාසලක් මෙන්ම කාර්මික විදුහලක් ආරම්භ කර මෙහි දරුවන්ට අවශ්‍ය දැනුම ලබා දිමටත් අපි පියවර ගන්නවා.

අද බඩු මිල අහස උසට ඉහල ගිහින් තියෙන්නේ ඉහල යන බඩු මිලට සරිලන ලෙස අදායමක් නැති කමින් මේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත් වෙලා ඉන්නේ එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ ඉහල යන බඩු මිල පහල දැමිමට අපි පියවර ගන්නවා මෙවර අපි පිහිටුවන්නේ පිරිසිදු එක්සත් ජාතික පක්ෂ රජයක් එම රජය යටතේ මේ රටේ විශාල සංවර්ධනයක් ඇති කිරිමටත් අපි කටයුතු කරනවා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts

Leave a Comment