එ.ජා.ප යට විරුද්ධව කටයුතු කරන අයව ඉවත් කිරිමට පියවර

සමගි ජන බල වේගය වෙනම පක්ෂයක් බව පැහැදිලි බව අධිකරණය මගින් ප්‍රකාශ කර ඇති බැවින් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව කටයුතු කරන අයව ඉවත් කිරිමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසන ලදි.

එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා තරග කරන අපේක්ෂයන්ගේ ජය පතා නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කේ. කේ. පියදාස මහතා විසින් සංවිධානය කරන ලද හැටන් නගරයේ පැවති පාක්ෂික හමුවක් අමතමින් 25වන දින සවස රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසන ලදි.

එහිදි වැඩි දුරටත් කතා කල රනිල් වික්‍රමසිංහ මහතා මේ සමහර අය කියනවා අපේ පක්ෂ කාර්යාලය අල්ලා ගන්නා බව ඔවුන් අපේ පක්ෂ කාර්යාලය අල්ලන්න අවොත් පොලිසි උසාවි ගානේ යන්න ඔවුන්ට සිදුවෙයි අපි බලය ඉල්ලන්නේ කාර්යාල අල්ලන්න නොවෙයි මේ රටේ බලය ගන්නයි.

සමගි ජන බල වේගයේ පිරිස් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කල විට ඔවුන් අධිකරණයට ගියා එහිදි අධිකරණය එම ඉවත් කිරිම හරි බව පැවසුවා පසුව ඔවුන් මහධිකරණයට ගියා එහිදිත් එය හරි බව පැවසුවා ඔවුන්ට අවශ්‍යනම් ජාත්‍යන්ත්‍රර අධිකරණයට යන්නත් පුලුවන් නැතිනම් ශක්‍ර දේවේන්ද්‍රයා ලගට යන්නත් පුලුවන් එත් තින්දුව එකයි පක්ෂයට විරුද්ධව කටයුතු කරන පලාත් පාලන නියෝජිතයන් පවා ඉවත් කිරිමට පියවර ගන්නවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂය වැඩ කරලා තියෙනවා මහවැලිය ආරම්භ කලෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වතු කරයටත් අපි වැඩ කරලා තියෙනවා සිරිමා සාස්ත්‍රිය ගිවිසුම යටතේ ඉතිරි පිරිසට ඡන්ද අයිතිය ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජේ. ආර් ජයවර්ධන මහතායි තවත් පිරිසකය මම එය ලබා දිමට පියවර ගත්තා.

වතු කරයේ පාසල් සංවර්ධන කර උසස් පෙල පංති ආරම්භ කිරිමට පියවර ගත්තා ශ්‍රිපාද විද්‍යාපිඨය ආරම්භ කලේ එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ මගේ යෝජනාවක් මතයි ඒ සදහා සෞම්‍ය මුර්ති තොණ්ඩමන් මහතා උදවු කලා වතු වලට විශේෂ සුභ සාදන කටයුතු ආරම්භ කිරිමට පියවර ගත්තා.

ලගම පාසල හොදම පාසල යටතේ මෙම ප්‍රදේශයේ පාසල් සංවර්ධනය කිරිමට පියවර ගත්තා අපේ අඩු පාඩුත් තිබුනා එත් අපි කාටවත් බනින්නේ නැහැ ඉංදියාවේ මෝදි අගමැතිතුමා ඇවිත් දික්ඔය රෝහල විවෘත කලා පසුව නොර්වුඩ්වල රැස්විමක් තිබ්බා.

ඉංදියා රජය මගින් වතුකරයට මුලින් ගෙවල් 12000ක් දුන්නා පසුව තවත් ගෙවල් 4000ක් දුන්නා එත් එය හරියට කලේ නැහැ එය හරියට කලා නම් තවත් උදවු ගන්න තිබුනා අද වතු කරයේ පිරිස් නගරයේ රැකියා කරනවා එත් දැන් කොරෝනා නිසා ඒ අයට රැකියා නැහැ කොරෝනා නිසා රටේ ආර්ථිකය කඩා වැටිලා දවසකට කොරෝනා පරික්ෂන 5000ක් කල යුතුයි.

කොරෝනා දෙවන රැල්ල එනවා එය ඡන්දයට පෙර එන්නත් පුලුවන් ඡන්දයෙන් පසුව එන්නත් පුලුවන් දැන් කොරෝනාවට අමතරව ඩෙංගුත් එනවා මේ තුලින් රටේ ආදායම අඩාල වනවා.

මට අවශ්‍ය රටේ ආර්ථිකය නගා සිටුවන්නයි ඒ සදහා රුපියල ශක්තිමත් කල යුතුයි එවිට මේ රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා මේ කර්මාන්තවලට අධාර දිය යුතුයි කර්මාන්තවල චේතන ගෙවන්න කටයුතු කල යුතුයි රැකියාවන් ආරක්ෂා කර දිමට පියවර ගත යුතුයි.

මම ආන්ඩුව එක්ක ඩිල් දානවා කියලා දැන් කියනවා මට ආන්ඩු එක්ක ඩිල් දාන්න ඕන නැහැ මට අවශ්‍ය මේ රටේ පාලන බලය ලබා ගන්නයි එසේ පාලන බලය ලබා ගෙන මේ රටේ ආර්ථිකය නගා සිටුවන්නයි ඒ තුලින් මේ රටේ මිනිසුන්ට අතට සල්ලි එන ක්‍රමයක් සකස් කල යුතුයි.

මේ රට සංවර්ධනය කරන්න නම් මේ රටේ මිනිසුන්ගේ අතට සල්ලි එන ක්‍රමයක් හදන්න ඕන නම් මේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕන නම් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්න.

මෙහිදි එක්සත් ජාතික පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂයකන් වන නවින් දිසානායක,කේ.කේ. පියදාස යන මහත්වරුන්ද කතා කරන ලදි.

Related posts

Leave a Comment