කතරගම පෙරහරට සහභාගි වන සියලුදෙනා PCR පරීක්ෂණයට

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර පැවැත්වෙන ඇසළ පෙරහර මංගල්‍යයට සහභාගී වන පිරිස පී.සී.ආර්. පරීක්ෂණයක් කිරීමට මොණරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය කටයුතු යොදා තිබෙනවා.

පෙරහැර මංගල්‍යයට සහභාගි වන ආරක්ෂක අංශ ඇතුලු සියළු අංශයන්ගෙන් අහඹු ලෙස තෝරා ගන්නා පුද්ගලයින් 50 දෙනෙකු දිනක් හැර දිනක් මෙම පරීක්ෂණය සිදුකිරීමට අපේක්ෂා කරන බවයි කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා සඳහන් කළේ.

Related posts

Leave a Comment