කදුකරයට අධික වැසි හා දැඩි සුලං

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින අධික වැසි හා දැඩි සුලං තත්වයන් හේතුවෙන් හැටන් ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව විවිධ අපහසුතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මෙම ප්‍රදේශයන්ට පවතින අධික වැසි තත්වයන් හේතුවෙන් තමන් විවිධ අපහසුතාවයන්ට පත්ව ඇති බවත්ය.

පවතින මෙම වැසි තත්වයන් හේතුවෙන් තමන්ට නිසි ලෙස දෛනිකව කරගෙන යන කුලි වැඩක් හෝ නිසි ලෙස කරගෙන යාමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් දැඩි ආර්ථික ප්‍රශ්නවලට මැදිහත්ව සිටින බවද එම කටයුතුවල යෙදි සිටින පිරිස් පවසති.

පවතින මෙම අධික වැසි හේතුවෙන් කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම්ද සිග්‍රයෙන් ඉහල යමින් පවතින බවත් මෙම ජලාශවල ජලය ජල විදුලිය නිපදවිම සදහා උපරිම ලෙස ලබා ගැනිමට පියවර ගන්නා බව එම ජලාශ බාර නිලධාරියකු පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts

Leave a Comment