කන්දකාඩු කොරෝනා පොකුර රට පුරා පැතිර යෑමේ අවදානම් තත්ත්වයක්

coronavirus news

කන්දකාඩු කොරෝනා පොකුරෙන් හදුනාගත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව මේ වන විට 532 දක්වා ඉහළ ගොස් තිබිණි.

මේ හේතුවෙන් රට පුරා ප‍්‍රදේශ රැසක සමීපතමයන් සහ ආශ‍්‍රිතයන් රැසක් නිරෝධායනයට ලක් කිරීමට ද සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඊයේ සවස වන විට 2653කි.

ඉන් රෝගීහු 1981ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් සිටිති.

තවත් රෝගීන් 654 ක් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා රෝහල්ගතව සිටින අතර කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 11 ක් වේ.

කන්දකාඩු කොරෝනා පොකුරෙන් මතු වූ කොරෝනා රැල්ල මේ වන විට ක‍්‍රමයෙන් රට පුරා පැතිර යෑමේ අවදානම් තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති.

Related posts

Leave a Comment