කන්දකාඩු පුනරුථාපන කදවුරේ 605 කට අධික ‍රැදවියන් පිරිසක් නිරෝධායනයට

මත් ද්‍රව්‍ය වැරදි සදහා පුනරුත්ථාපනය වී කන්ද කාඩු පුනරුථාපන කදවුරෙන් ඉකුත් (27) දා පිටව ගිය ‍රැදවියෙකුට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි සැලවීමත් සමගම කන්දකාඩු පුනරුථාපන කදවුරේ 605 කට අධික ‍රැදවියන් හා නිලධාරින් පිරිසක් නිරෝධායනයට ලක් කළ බව පොලොන්නරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ මත් ද්‍රව්‍ය වැරදි සදහා අධිකරණය විසින් යොමු කරන ලද ‍රැදවියෙකු ඉකුත් (27) දා පුනරුත්ථාපන කදවුරෙන් පිටව ගොස් ඇති බවත් එම පුද්ගලයා හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.

මේ හේතුවෙන් නව කොරෝනා වෛරසය සමාජය තුළ ව්‍යාප්ත වීමේ වැඩි ඉඩක් ඇති බවත් එබැවින් ජනතාව සෞඛ්‍ය අංශවල උපදෙස් අනුවම ක්‍රියාකළ යුතු බවත් එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.

ඊසා මුදියන්සේ – පොලොන්නරුව

Related posts