කප්පම් ඉල්ලූ සිවිල් ආරක්ෂයන් දෙදෙනෙකු අත් අඩංගුවට

බෙලිඅත්ත ගල්වාඩිය ප්‍රදේශයේ නිවසකට පැමිණ නීති විරෝධී මත්ද්‍රව්‍ය අළෙවි කරන බවට චෝදනා කොට කප්පම් ඉල්ලු සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් දෙදෙ‌නෙකු බෙලිඅත්ත පොලීසිය විසින්  අත් අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලීසිය පවසයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන තිබෙන්නේ වීරකැටිය අග්‍රහැර ප්‍රදේයේ පදිංචි කරුවෙකු හා වීරකැටිය සිරිකදුර වත්තේ පදිංචිව සිටින පුද්ගලයින් දෙදෙනෙකු බව පොලීසිය කියයි.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබී තිබුණු පැමිණිල්ලකට අනුව සැකකරුවන් දෙදෙනා පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට පත් සැක කරුවන් දෙදෙනා වීරකැටිය රන්න මාර්ගයේ ප්‍රසිද්ධ වත්තක මුරට සිටි දෙදෙනෙකු බවද පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

අත් අඩංගුවට පත් සැක කරුවන් දෙදෙනො ඊයේ(18) දින තංගල්ල මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

චන්ද්‍රසේන ගමගේ

Related posts

Leave a Comment