කහ කුඩු ග්‍රැම් 50ට සීමා වෙයි

හැටන් ප්‍රදේශය තුල කහ කුඩු හිගය දැඩි ලෙස පවතින අතර මෙම තත්වයන් මත සමහර වෙලද සැල්වල කහ කුඩු මිලද දැඩි ලෙස ඉහල ගොස් ඇත.

මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව පවසනුයේ නගරයේ වෙලද සැල්වල කහා කුඩු හිගයක් පවතින බවත් සමහර වෙලද සැල්වල කහා කුඩු ක්‍රිලෝව රුපියල් දෙදහස් අට සියයත් තුන්දාහාත් අතර මිලකට අලෙවි කරන බවද ඔවුන් පවසති.

එම මිලටද බොහෝ විට ලබා ගත හැක්කේ කහ කුඩු ග්‍රැම් 50ක් පමන වන බවද එම පාරිභෝගික ජනතාව වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts

Leave a Comment