ක්‍රිකට් පරිපාලනය සඳහා පංච පුද්ගල කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු කරගෙන යාම සඳහා කළමනාකරණ කමිටුවක් පත් කරන ලෙස නීතිපතිවරයා තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයාට දන්වා ඇතැයි වාර්තා වනවා.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් පැවසුවේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනයේ ධුර කාලය අවසන්ව ඇති බැවින්, පවතින පරිපාලන කමිටුව නීත්‍යානුකූල නොවන බව නීතිපතිවරයා සඳහන් කර ඇති බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු කරගෙන යාම සඳහා කළමනාකරණ කමිටුවක් පත් කිරීමට නීතිපතිවරයා උපදෙස් දී ඇති බව ද ලේකම්වරයා පැවසුවේ.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් වැඩි දුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කටයුතු සඳහා සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත කළමනාකරණ කමිටුවක් පත් කරන බවයි.

Related posts