ක්‍රිලෝ 18ට අඩුයි නම් දින භාගයක වැටුප්

කැළනි වැලි වැවිලි සමාගමට අයත් උඩ රදැල්ල වතුයායේ පාලන අධිකාරියට එරෙහිව එම වතුයායේ වතු කම්කරුවන් විසින් පවත්වනු ලබන අකණ්ඩ සත්‍යග්‍රහාය 26වන දිනද පවත්වන ලදි.

දිනක වැටුප සදහා අමු තේ දළ ක්‍රිලෝ 18ක් කැඩිය යුතු වුවද මෙම දිනවල උඩරට ප්‍රදේශයන්ට පවතින අධික වැසි හේතුවෙන් තේ දළු පලදාව අඩු බවත් එම තත්වයන් මත අමු තේ දළු ක්‍රිලෝ 18ට අඩුවෙන් කඩන අයට දින භාගයක නම දැමිමට විරෝධය පල කරමින් එම කම්කරුවන් විසින් මෙම සත්‍යග්‍රහාය ආරම්භ කර ඇත.

මේ පිලිබදව අදහස් දක්වන එම කම්කරුවන් පවසනුයේ දිනක වැටුප සදහා අමු තේ දළු ක්‍රිලෝ 18ක් කැඩිය යුතු වුවත් මෙම දිනවල පවතින අධික වැසි හේතුවෙන් අමු තේ දළු පලදාව අඩුව ඇති බවත් එම තත්වයන් මත දිනකට අමු තේ දළු ක්‍රිලෝ 18ක් කැඩිම දුෂ්කර බවත්ය.

එම තත්වයන් මත දිනකට අමු තේ දළු ක්‍රිලෝ 18ට අඩුවෙන් කැඩිම හේතුවෙන් දින භාගයකට නම දමන බවත් මෙම තත්වයන් සමග තමන්ට නිසි වැටුපක් ලබා ගැනිමට නොහැකි විමෙන් තමන් ආර්ථික වශයෙන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බවත්ය.

එමෙන්ම මෙම වතුයායේ සේවය සදහා පිටස්තරින් සේවකයන් රැගෙන විත් ඔවුන් සේවයට යෙදවිමටද මෙහි පාලන අධිකාරිය විසින් කටයුතු කරන බවත් එම තත්වයන් මත තමන්ට මෙහි සේවය කිරිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම සියලු කාරනා හේතුවෙන් තමන්ට නිසි ලෙස වැටුපක් ලබා ගැනිමට නොහැකි තත්වයක් පවතින බවද ඔවුන් වැඩි දුරටත් පවසන ලදි.

මෙම තත්වයන් පිලිබදව වතුයායේ පාලන අධිකාරිය සමග සකච්චා කලද එම සකච්චා අසාර්ථක විමත් සමග තමන් දැනට දින කිපයක් පුරා මෙසේ තමන් සත්‍යග්‍රහායක යෙදි සිටින බවත් තම ඉල්ලිම් ඉටු වන තෙක් තමන් මෙසේ කටයුතු කරන බවද ඔවුන් පවසන ලදි.

මෙම සත්‍යග්‍රහාය පැවති ස්ථානයට 26වන දින නුවරඑළිය දිස්ත්‍රික් සමගි ජන බල වේගයේ පාර්ලීමේන් මංත්‍රි වි. රාධා ක්‍රිෂ්නන් මහතාද පැමින එසේ සත්‍යග්‍රහායේ යෙදි සිටින පිරිස් සමග සකච්චා කරන ලදි.

ඉන් අනතුරුව රාධා ක්‍රිෂ්නන් මහතා පවසන ලද්දේ මෙම ඉල්ලිම් සදහා එක්වරම විසදුම් ලබා දිමට නොහැකි බවත් මේ පිලිබදව වතු පාලන අධිකාරියද සමග සකච්චා කර කල හැකි උපරිමය කිරිමට පියවර ගන්නා බවත්ය.

එමෙන් මෙම වතු කම්කරුවන්ගේ ප්‍රශ්න පිලිබදව රජයේ අවදාන යොමු කර මේ සදහා රජයෙන් ලබා ගත හැකි සහනයක් ඇත්නම් එය ඉටුකර දිමට පියවර ගන්නා බවද ඔහු පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts

Leave a Comment