‘කුඩු’ කුඩු කරන්න බුද්ධි ජාලයක්

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු සංවිධානාත්මක අපරාධ මැඩලීම සදහා ජනාධිපතිතුමාගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

ගරාජ් හිමියන් වාහන සේවා කරන ස්ථාන හා යතුරුපැදි, ත්‍රීරෝදරථ අලුත්වැඩියා කරන ස්ථානවල කළමනාකරුවන් හා හිමිකරුවන් වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දී සංවිධාන කර තිබුණා.

සංවිධානාත්මක අපරාධ පිළිබද තොරතුරු ලබා ගැනීමේදී ගරාජ් හිමියන් ඇතුළු රථ වාහන සම්බන්ධයෙන් කටයුතු කරන අංශවල සහයෝගය ඉතා වැදගත් බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.

අපරාධ සදහා සම්බන්ධ වූ රහසිගතව කොටස් කරනු ලබන වාහන සම්බන්ධ තොරතුරු ව්‍යාජ අංක තහඩු, ව්‍යාජ චැසි අංක මෙන්ම එන්ජින් අංක පිළිබද තොරතුරු ලබා දෙන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.

Related posts

Leave a Comment