කුලියාපිටියේ පැත්තක් වසයි

lockdown areas in sri lanka today

කොවිඩ් වසංගතය පැතිරයාම වැළැක්වීමට කුලියාපිටිය නගරය ඇතුළු කුලියාපිටිය සෞඛ්‍ය බල ප‍්‍රදේශයට අයත් ප‍්‍රදේශ කිහිපයක් සංචණ සීමා පනවමින් හුදකලා කිරීමට අද (22දා) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී තීරණය කළේය.

කුලියාපිටිය නගරය, තුම්මෝදර, කනදුල්ල, පහළ වීරඹුව හා බටහිර දණ්ඩගමුව යන ප‍්‍රදේශ අදාළ සංචරණ සීමාවන්ට යටත් කරන ගම්මාන අතරට අයත් බවද වෛද්‍යවරයා පවසයි.

ඉකුත් අවුරුදු සමයේ ජනතාවගේ හැසිරීම් හේතුවෙන් මෙසේ යළිත් සංචරණ සීමා පැනවී ඇති බවද පැවසූ  අතර කඩිනමින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සහයෝගය දැක්වීමෙන් පමණක් නැවත අදාළ ගම්මානවල සීමා ලිහිල්වෙනු ඇති බවද පැවසීය.

 

Related posts