කුවේටයේ සිටි ලාංකික සේවිකාව වධ හිංසාවෙන් මියයයි

death

කුවේටයේ සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට වධ හිංසා සිදුකොට මරා දැමීම සම්බන්ධයෙන් එරට පොලිසිය කුවෙට් යුවළක් පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටින බව ගල්ෆ් නිව්ස් පුවත් සේවය වාර්තා කරයි.

46 හැවිරිදි මෙම ගෘහ සේවිකාවට පහරදීම් සිදුකර ඇත්තේ ඇය සේවයේ යෙදවූ නිවසේ හිමිකරුවන් විසින් බව ගල්ෆ් නිව්ස් පවසයි.

‘ගල්ෆ් නිව්ස්’ වැඩිදුරටත් අනාවරණය කරන ආකාරයට ශ්‍රී ලාංකික කාන්තාව කැපුම් සහ පිළිස්සුම් තුවාල සහිතව ඇයගේ අනුග්‍රාහකතයන් විසින් අම්රි රෝහලට (Amiri Hospital) ඇතුළත් කර ඇති අතර බරපතළ තත්ත්වයෙන් පසු වූ ඇය එහිදී මියගොස් තිබේ.

Related posts

Leave a Comment