කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,000 ඉක්මවයි

coronaupdates

කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මේ වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 3012 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ආසාදිතයින්ගෙන් 12 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති අතර අනෙක් තිදෙනා මාලදිවයිනේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඉන්දියාවේ සිට පැමිණි නාවිකයින් දෙදෙනෙක් ද ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් අතර වේ.

කොරෝනා ආසාදිතව මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 2,860 කි.

ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 128 ක් වේ.

Related posts