කොරෝනා ආසාදිතයෙකු ඉන්දියාවෙන් පලාවිත් මෙරට සැගවෙයි

කොවිඞ් 19 වෛරසය ආසාදිත 28 හැවිරිදි තරුණයෙකු ඉන්දියාවේ තමිල්නාඩුවේ තිරුචි කදවුරෙන් පළාවිත් ඉන්දියාවේ රාමේෂ්වරන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කොරෝනා ආසාදිත පුද්ගලයා ශ්‍රී ලංකාවට පලා යාම පිළිබඳ ඉන්දීය රහස් පොලීසිය ද දැඩි කනස්සල්ලෙන් පසුවන බවයි වාර්තා වෙයි.

ඉන්දියාවේ මේ වන විට ඇදිරිනීතිය ක්‍රියාත්මක වන අතර මෙම  මෙම තරුණයා යාපනය නෙදුන්තීව් දූපතට පැමිණ ඇති බැවින් ඔහු මේ වන විට කුමන ස්ථානයක රැදී සිටින්නේ දැයි තොරතුරු වාර්තා වී නොමැති බව ඉන්දීය පුවත් සේවා සදහන් කරයි.

Related posts

Leave a Comment