කොවිඩ් දෙවැනි රැල්ලෙන් මුළු ඉන්දියාවම වසාගනියි

ඉන්දියාවෙන් වාර්තාවූ වැඩිම දෛනික කොවිඩ් අසාදිතයින් සංඛ්‍යාව සහ කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ (20) දිනයේ වාර්තා වී තිබේ.

එරට දෛනිකව වාර්තාවන ආසාදිතයන් ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා තිබුණේ අඛණ්ඩව 8 වැනි දිනටය.

ඉන්දියාවේ ගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාදිතයන් 294,290 ක් වාර්තා වී තිබේ.මේ දක්වා එරටින් වාර්තාවූ වැඩිම දෛනික අසාදිත සංඛ්‍යාව වීම විශේෂත්වයකි.

ඉන්දියාවේ වැඩිම දෛනික මරණ සංඛ්‍යාවද ඊයේ වාර්තා විය. එම සංඛ්‍යාව 2,020 කි. විදෙස් වාර්තා පවසන්නේ කොවිඩ් දෙවැනි රැල්ලෙන් මුළු ඉන්දියාවම වසාගෙන සිටින බවය.

ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවලට මෙය දරා ගත නොහැකි තත්ත්වයක් බවට පත්වී ඇති බව සඳහන් වේ.

 

Related posts