කොළඹින් ආසාදිතයන් 160ක්

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනය තුළින් නිර්මාණය වූ ‘කොවිඩ්-19’ වයිරස ආසාදිත පොකුරට සම්බන්ධ වයිරස ආසාදිතයන් 160 දෙනකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක වෛද්‍ය ජයවරුවන් බණ්ඩාර මහතා කොළඹදී සඳහන් කළා.

එම ආසාදිතයන් ගැවසුණු ස්ථාන හඳුනාගෙන ඇතැයි ද හෙතෙම එහිදි කියා සිටියා.

කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍ය ජයවරුවන් බණ්ඩාර මහතා එම කරුණු සඳහන් කළා.

කොළඹ දිස්ත්‍රික්කයේ තත්ත්වය පාලනය කරගත හැකි මට්ටමක තිබෙන නමුත් කොළඹ ජනගහනය, තදාසන්න ප්‍රදේශ, කෙටි ඉඩක විශාල පිරිසක් රැඳෙන ස්ථාන හා අවස්ථා වැඩිවීම සහ නාගරික පරිසරය යන කරුණු නිසා අවදානමක් තිබෙන බව අමතක නොකළ යුතු බව ද වෛද්‍ය ජයරුවන් මහතා පැවසුවා..

කොළඹින් ආසාදිතයන් හමු වුවහොත් පැතිරීමේ අවදානම වැඩි යැයි ද වෛද්‍ය ජයරුවන් මහතා මෙහිදී කියා සිටියා.

දැනට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයන්ගේ ගණන වැඩි වුවහොත් ඉදිරියේදී දුෂ්කර තත්ත්වයක් මතුවිය හැකි යැයි ද ඔහු තවදුරටත් සඳහන් කළා.

Related posts

Leave a Comment