කොළඹ යලිත් කොරෝනා අවදානමක – ජින්තුපිටියේ 143ක් නිරෝධායනයට

ඉන්දියාවේ සිට මෙරටට පැමිණ දින 14ක නිරෝධායනය අවසන් කර නිවසට ගොස් ස්වයං නිරෝධායනය වෙමින් සිටි අයෙකු ඊයේ (02) පස්වරුවේ කොරෝනා වෛරස් ආසාදිතයකු වශයෙන් හඳුනාගෙන තිබිණි.

මුහුදු ආරක්ෂකයකු වන මෙම පුද්ගලයා කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොහු පදිංචිව සිටි කොළඹ 13, ජින්තුපිටිය, 123 වත්ත ප්‍රදේශයෙහි පවුල් 29ක පුද්ගලයින් 143 දෙනෙකු නිරෝධායන කඳවුරක් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

කෙසේවෙතත් මෙය සමාජ සම්ප්‍රේෂණයක් නොව නිරෝධායන ක්‍රියාවලිය තුළින්ම හඳුනාගත් රෝගියකු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

Related posts

Leave a Comment