කෝවිඩ් මර්ධනයට සම්මාන ලබාගැනීමෙන් ඉක්බිතිව

කෝවිඩ් 19 සාර්ථක ලෙස පාලනය කරගත් රටවල් අතරට පැමිණ සිටි ශ්‍රී ලංකාවට ප්‍රසංශා, සුභ පැතුම් වගේම ඒ පිළිබදව අත්දැකීම් හුවමාරුවෙමින් පැවති අවස්ථාවක ඒක රැයකින් ඒම තත්ත්වය උඩු යටිකුරු වුයේ පසුගියදා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවකයින් අතර නව කොරෝනා වෛරස පොකුරක් නිර්මාණය වීමත් සමඟමය. ඒක දිගට මාස දෙකකට වැඩි කාලයක් සමාජය තුළින් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවීමත් සමගම මුලු සමාජයම කොරෝනා වසංගතය බිය පැත්තකට දමා සුපුරැදු ලෙස කටයුතු කරනු ලැබීය. රජයත්, මාධ්‍යයත් කොරෝනා සාර්ථකව මර්ධනය කිරීම පිළිබදව විවිධ වැඩසටහන් පවත්වනු ලබමින් සිටි අතර මෙවැනි හදිසි ව්‍යසනයක් ඇති වුවහොත් ගත යුතු පියවර පිළිබදව අවබෝධයකින් කටයුතු කළ බවක් නොපෙනුනි.

සතියකට ආසන්න කාලයක් ගතව ඇතත් තවමත් මෙම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය වෙත කොරෝනා වෛරසය පැමිණි ආකාරය සම්බන්ධව මූලාශ්‍රයන් සොයා ගැනීමට නොහැකි වී තිබේ. ඒමෙන්ම, මේ වන විට ඒම ආයතනය හරහා මුලු ලංකාවටම මෙම වෛරසය ව්‍යාපත්වීමත් සමගම මින් පෙර පැවැති තත්ත්වයට වඩා බැරෑරැම්  අවධානයමකට මේ මොහොතේ ශ්‍රී ලංකාව පත්ව තිබේ. ආණ්ඩුව ප්‍රකාශ කරන පරිදි මේ වන විටත් දිවයිනේ දිස්ත්‍රික්ක 17ක මෙම වෛරසය ව්‍යාප්තව ඇත.

ඒමෙන්ම, මෙම කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතුව සිටි තවත් සේවක සේවිකාවන් පිරිසක් සොයා ගැනීමට නොහැකිව තිබීම නිසා, ඔවුන් මෙම පරීක්ෂණ කටයුතු සදහා කුමන හේතුවක් මත හෝ සහාය දැක්වීමට ඉදිරිපත් නොවීමත් නිසා තත්ත්වය තවත් ව්‍යාකූල වී තිබේ.

ශ්‍රී ලාංකිකයින් ලක්ෂයකට වැඩි පිරිසකට රැකියා සපයන, අනෙකුත් ආයතනයන්ට සාපේක්ෂව ඉහල වැටුප් හා සේවා සපයනු ලබනවා යැයි පැවසෙන,  ජාත්‍යන්තර කීර්තියට පත් බ්‍රැන්ඩෙක්ස් ලංකා සමාගම වැනි ආයතනයකින් මෙම වෛරසය මෙතරම් තීව්ර තාවයකින් පැතිරී තිබිය දී සොයා ගැනීමත් සමගම අනෙකුත් කර්මාන්ත ශාලාවන් හි ආරක්ෂාව පිළිබදව විශාල ප්‍රශ්ණයක් නිර්මාණය වී තිබේ.

බ්‍රැන්ඩික්ස් සමාගමේ කර්මාන්ත ශාල හැරැණු කොට මේ වන විට කටුනායක නිදහස් වෙලද කලාපයේ පිහිටි ATG, Shadow Line හා NEXT  ආයතනය ද වසා දමා ඇති බව වාර්තා වේ. තවත් ආයතන කිහිපයක සමහර අංශ ද මේ වන විට වසා දමා ඇති බවද ඒ අතර වාර්තා වේ.

ලංකාව ජීවත් කරවන ප්‍රධාන ආදායම් මාර්ග ලෙස සැලකෙන ඇගලුම් කාර්මාන්තය හා මැදපෙරදිග ගෘහ සේවය සදහා මැදිහත්ව සිටින අප ග්‍රාමීය කාන්තා ශ්‍රම බලකාය මෙවැනි තත්ත්වයක දී ආරක්ෂා කරගැනීමට නොහැකි වීම පිළිබදව අප සියලුම දෙනා ලැජ්ජා විය යුතු යුතුය. ඔවුන්ගේ ආරක්ෂාව මෙන්ම මෙම කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සදහා ද වගකිව යුත්තන් මාධ්‍ය සංදර්ශන පවත්වනවට වඩා වැඩි අවධානයක් කටයුතු කළ යුතුව තිබුනි.

දැනටමත් මැද පෙරදිග සේවය සදහා ගොස් සිටින අප ශ්‍රී ලංකිකයන් මේ වන විට විශාල අනතුරකට පත්වී සිටී. ඔවුන්ට අවශ්‍ය ආහාර, නවාතැන් හා සෞඛ්‍ය පහසුකම් ඇතුළු මූලික පහසුකම් හෝ සපයා ගැනීමට නොහැකිව ඔවුන්ව ඉතා අසරණව ඇති බව ඔවුන් වරින්වර සමාජ මාධ්‍ය වෙත මුදාහරින තොරතුරැ මගින් තහවුරැ වේ. මේ  අතර මාර්තු සිට මේ දක්වා කොරෝනා වෛරසය වැලදී ශ්‍රී ලාංකික සේවක සේවිකාවන් 63 දෙනෙකු මිය ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යඅංශය පවසයි. ඔවුන්ගේ දේහයන් ලංකාව වෙත ගෙන්වා ගැනීම මේ මොහොතේ සිහිනයක් පමණක් වන අතර, අවම වශයෙන් ඒ් පිළිබදව මාධ්‍යවල පවා ඒතරම් අවධානයක් යොමු නොවීය. මැද පෙරදිග සේවයේ නියුතු මෙම පිරිස් ලංකාවට ගෙන්වා ගැනීම ඉතා මන්දගාමීව පසුගියදා සිදු වුවත් මේ වන විට ඒය සම්පුර්ණයෙන් ඇණ හිට ඇති බව වාර්තා වේ.

Related posts

Leave a Comment