ගත වු පැය කිහිපයේ කොරෝනා රෝගීන් 1451ක්

කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 1451 දෙනෙකු ගත වු පැය කිහිපයේ හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 104,938ක් දක්වා ඉහළගොස් තිබේ.

හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

ඒ ආසාදිතයින් 228ක් ලෙසය. එයින් නාරාහේන්පිට ප්‍රදේශයෙන් 19ක්, බොරැල්ලෙන් 18ක්, දෙමටගොඩින් 17ක්, කොහුවලින් 15ක්, කොළොන්නාවෙන් ආසාදිතයින් 14ක් හා පිළියන්දලින් ආසාදිතයින් 10ක් වාර්තා වී තිබේ.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 209ක් හා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 172ක් වාර්තා වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

අනෙක් ආසාදිතයින් 842 දෙනා සෙසු දිස්ත්‍රික්ක 20කින් වාර්තා වී තිබේ.

ඒ අනුව කළුතරින් 133ක්, මාතලෙන් 119ක් හා මහනුවරින් ආසාදිතයින් 86ක් ද වේ.

 

 

Related posts