ගසක් කඩා වැටී ත්‍රිරෝධ රථයක් කුඩු පට්ටම් වෙයි

හැටන් පොලිස් වශමේ දික්ඔය වනරාජ පහල කොටසේ ගසක් කඩා වැටිමෙන් නිවසක වහලයට හා ත්‍රිරෝධ රථයකට,විදුලි රැහැන්වලට හානි සිදුව ඇති අතර මෙම තත්වයන් මත එම ප්‍රදේශයේ විදුලියද ඇනහිට ඇත.

දිරාපත්ව තිබු මෙම විශාල ගස 31වන දින සවස 6.30ට පමන මෙසේ කඩා වැටිමත් සමග ඒ අසල නිවසක වහලයට සුලු හානි සිදුව ඇති අතර එම ස්ථානයේ නවතා තිබු ත්‍රිරෝධ රථය මුලුමනින්ම විනාශයට පත්ව ඇති අතර අසල විදුලි රැහැන්ද කඩා වැටිමෙන් එම ප්‍රදේශයේ නිවාස 35කට පමන විදුලියද ඇන හිට  ඇත.

මේ පිලිබදව අදහස් දක්වන එම නිවාස හිමියන් පවසනුයේ මෙම දිරාපත්ව තිබු ගස කඩා වැටිමෙන් යම් අනතුරක් සිදුවනු ඇති බවත් එම නිසා මෙම ගස කපා ඉවත් කරන ලෙස වතු පරිපාලනයට මෙන්ම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වෙතද අවස්ථා කිපයකදිම දැනුම් දුන්නද එම අය මේ පිලිබදව නිසි අවදානයක් යොමු නොකිරිම හේතුවෙන් මෙම විනාශය සිදුවු බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts

Leave a Comment