ගාල්ලේ බලු භීතිකාවක්

තවලම දකුණු හල්විටිගල පාළම අසලදි  ජලභිතිකාව වැළදි ඇති බවට සැකකරන  දඩාවතේ යන සුනඛයකු විසින්  එම ප්‍රදේශයේ ගම්මුන් තිදෙනෙකු හා  නිවෙස්වල ඇතිකරණු ලබන සුනඛයින් දෙදෙනෙකු  සපාකා ඇති නිසා මේ දිනවල මෙම ප්‍ර දේශවල අයාලයේ යන නැති නම් දඩාවතේ යනසුනඛ බියෙන් මෙම ගම්මාන ඇලලීගොස් තිබේ. සෞඛ්‍ය අංශ හා හිනිදුම පොලිසය එක්ව මේ සමබන්ධව ජනතාව දැනුවත් කර අදාළ පියවර රැසක් ගෙන තිබේ.

මෙම දඩාවතේ යන සුනඛයින් ප්‍රදේශයේ ජනතාවගේ ජීවිතවලට තර්ජනයක්  නිසා ඒ ගැන සොයා බැලිම සදහා  හිනිදුම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පත්මකුමාර මහතා විසින් මෙම  ගම්මානය භාරව සිටින  ප්‍රජා පොලිස්  නිලධාරින්  එම ගම්මානයට යොමු කර තිබිණි.සිදුකළ යුතු කටයුතු කරණ ආකාරය පිළිබද පොලිස් ස්ථානාධිපතිවරයා විසින්   මෙම නිලධාරියාට අවශ්‍ය උපදෙස් ද ලබා දි තිබේ.

මේ අනුව, ප්‍රජා පොගිස් කණ්ඩායමේ එක් පොලිස් කොස්තාපල්වරයෙක්  විසින් සුනඛයා සැරිසරන ඉසව්වට ගිය අවස්ථාවේ මෙම සුනඛයා පොලිස් කොස්තාපල්වරයාගේ ඇඟට පැන ඔහු සපාකැමට උත්සාහ කොට ඇත.  එම අවස්ථාවේ පොලිස් නිලධාරියා විසින්  ගම්මුන්ගේ ද සහාය ඇතිව සුනඛයාට පොල්ලකින් ගසා මරාදමා ප්‍රශ්ණය තාවකාලිකව විසුදමකට පත් කර තිබිණි. නමුත් අයාලයේ යන සුනකයන් නිසා ප්‍ර දේශයේ ජනතාව තවමත් පසුවන්නේ බියෙනි.

අදාළ පොලිස් නිලධාරියා විසින් මෙම අවස්ථවේ  දී  තැනට උචිත අයුරින් කටයුතු කළ බව පවසන ගම්මුන් එම පොලිස් නිලධාරියාට  මෙන්ම හිනිදුම පොලිසියට ද  ස්තූති පුද කරන ගම්මු අප සමග පැවසුහ.සුනඛයාගේ හිස  එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ ද සහාය ඇතිව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ජලභිතිකා පර්යේෂණ  ඒකකය වෙත  රැගෙන ගොස් තිබිණි.

මේ පිළිබද තවලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය නෙරන්ජන් මහතාගෙන් අප කළ විමසුමක දි මෙසේ කිවේය.

සුනඛයාගේ හැසිරිමේ ප්‍රශ්ණයක් තියෙනවා.සුනඛයාගේ හිස පරික්ෂණ කටයුතු සඳහා යොමුකර තියෙනවා. වාර්තාව ලැබෙන්න දින තුනක් පමණ ගතවේවි.මෙම සුනඛයා සපාකැ පුද්ගලයින් තිදෙනා එන්නත් කිරිම සඳහා උඩුගම රෝහලට යොමුකළා.

නිවෙස්වල ඇතිකරන සුනඛයින්  දෙදෙනෙකුද මෙම සුනඛයා විසින් සපාකා තියෙනවා. මේ වනවිට එම සුනඛයින් දෙදෙනා කොටුකර තියෙනවා.මේ වනවිට  මෙම ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරිමට කටයුතු කරලා තියෙනවා.හිනිදුම රෝහල අවට සිටි අයාලේ යන සුනඛයින් එන්නත් කිරිමට කටයුතු කරලා තියෙනවා. නිවෙස්වල ඇතිකරන සුනඛයින් ද එන්නත් කිරිමට කටයුතු කොට ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සදහන් කළේය.

මේ අනුතර,ඉකුත් සතියේ    සුනඛයකු විසින් සපාකැමෙන්  මාපලගම,අලුත්පහල ප්‍ර දේශයේ  පදිංචි 13 හැවිරිදි පාසල් සිසුවකු හා යටලමත්ත  ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි වියේ පසුවන අයෙකු මියගොස් තිබිණි.

අයාලයේ යන සුනඛයන් සම්බන්ධයෙන් අදහස් දක්වන කරාපිටිය ශීක්ෂණ රෝහලේ විෂයභාර වෛද්‍ය  ලහිරු සදකැළුම් මහතා මෙසේ කීවේය.

ජලභීතිකා රෝගයේ රෝග වාහකයන් වන්නේ සුනඛයන් ඇතුළු ක්ෂීරපායි සත්වයන් ය.උදාහරණ බළලුන්,වදුරන්,ඌරුමීයන්,ගවයින්,නරියන්,දඩුලේනන්,වවුලන් ආදීන් මෙහි දී හැදුන්නා දිය හැකියි.

ඔබ සතෙකුගේ සපා කෑමකට/සීරීමකට ලක් වුවහොත් ,වහාම තුවාලය සබන් ගා, ගලායන පිරිසිදු ජලයෙන් විනාඩි 3-5 ක් පමන සෝදන්න. වන සතෙකු හෝ හිමිකරුවෙකු නොමැති /අයාලේ යන සතෙකු නම් අනිවාර්යයෙන් ම රෝහලට යා යුතු අතර, සුරතලයට ඇතිකරනු ලබන සතෙකු නම් නොපමාව සතාගේ එන්නත් වාර්තා රැගෙන ළගම රජයේ රෝහලට ගොස් වෛද්‍ය උපදෙස් ලබා ගන්න .සපා කෑ / සීරු දින සිට දින 14 ක් ගතවනතුරු බල්ලා /බළලා වගකීමෙන් රැකබලා ගන්න.මෙම කාලය තුලදී සතාව එන්නත් සදහා යොමු නොකරන්න .එම දින 14 තුළ අදාළ සත්වයාට පහත දෑ සිදුවුවහොත් වෛද්‍යවරයාට වහාම දැනුම් දෙන්න.හැසිරීමේ කිසියම් හෝ වෙනස්වීමක්.කටින් සෙම වැගිරිම / බුරන ශබ්දයේ වෙනසක් .රෞද්‍ර හැසිරීම ,මිනිසුන් හා සතුන් සපාකෑමට පෙළඹීම,මුඛය විවෘතව යටිහනුව එල්ලා වැටීම/වමනය / උණ,කෑම නොගැනීම /අසාමාන්‍ය දේ කෑම/බියෙන් තැතිගන්නා බව .

මළපහ කිරීමේ අසාමාන්‍යතාවයක්. නොසන්සුන් බව/කලබලකාරී බව/වලිප්පුව මෙන් ශරීරය වෙව්ලීම .ගාත්‍රා අප්‍රාණිකව ඇවිදීමට නොහැකි වීම/අසාමාන්‍ය ලෙස මුළුගැන්වී සිටීම.දින 14 ක් තුළ දී ලෙඩවී හෝ හදිසි අනතුරකින් මිය යාම. අදාළ සත්වයා සොයා ගැනීමට නොහැකි වීම.සතා මියගියහොත්.

හැකි ඉක්මනින් සතාගේ හිස කොටස කදෙන් වෙන්කර හිස පමනක් දියර කාන්දු නොවන ඇසුරුමක බහා පැය 8ක් ඇතුළත වෛද්‍ය පර්යේෂණ ආයතනයට (MRI),කරාපිටිය රෝහලේ ජලභීතිකා නිවාරණ අංශය ට භාර දෙන්න.එසේ කල නොහැකි නම් පොලිතීන් කවරයක දමා ඉන්පසු එය හොදින් අයිස් කැට දමන ලද පෙට්ටියක අසුරා පැය 24 ඇතුළත එම ආයතන වලට ගෙනගොස් බාරදී පරීක්ෂණ වාර්තාවක් ලබාගන්න .

මේ සදහා ඉහත ආයතන සෑම දිනකම පැය 24 ම විවෘතව තිබෙනවා.නිසි පරිදි එන්නත් නොකරන ලද සුනකයෙකු නම් රෝග ලක්ෂණ බලා ගැනීමේ දින 14 ක කාලසීමාවෙන් පසුව සුනකයාට ජලභීතිකා එන්නත ලබාදීමට කටයුතු කරන්න.

නැවත සතෙකු සපා කෑ ඕනෑ ම අවස්ථාව ක රැගෙන ඒම සදහා ඔබේ,එන්නත් පිළිබඳ කාඩ්පත සුරැකිව තබා ගන්න. පහත කරුණු ගැනද ඔබේ අවදානය යොමු කරන්න..

ඔබගේ සුරතලා අයාලේ යාමට ඉඩ නොදී ජලභීතිකා එන්නත ලබා දී ආරක්ෂා කරගන්න. ඔබ ඇති කරන සතුන් ට වයස සති 5-6 අතර පළමු එන්නතත්, මාස 3-6 අතර දෙවන එන්නත්, ඉන්පසු වසරක් පාසා නිසි ප්‍රතිශක්තිකරණය අනිවාර්යයෙන්ම ලබාදෙන්න.

ඔබේ සුරතලා සතා සැර පරැෂ නම් හෝ අසනීපයෙන් පසුවෙනවා නම් හෝ කූඩුවක දමා ඔබේ, ආරක්ෂාව සලසා ගන්න.අසනීප වූ / හදිසි අනතුරුවලට ලක්වූ සතුන් ට සාත්තු කිරිමේදී ඔබ ප්‍රවේශම් වන්න.එන්නත් නොකල අනාරක්ෂිත සතුන් හා පැටවුන් අසලට නොයන්න. සුනකයින් අසලදී කලබලකාරී ලෙස දිවීමෙන් වළකින්න.

සතුන් පොරබදනා විට මැදිහත් වීමෙන් වලකින්න.ආහාර ගන්නා විට හෝ පැටවුන් රකිනා විට ලංවීමෙන් වළකින්න.අනවශ්‍ය පැටවුන් බෝවීම වැළැක්වීමට පශුවෛද්‍ය උපදෙස් ලබාගන්න මේ ආදි උපදෙස් අනුගමනය කිරීම ඉතාම වැදගත් වෙනවා.

මේ නිසා අයාලයේ යන සුනඛයන් නිසා මෙම ගම්මාන රැසකම ජනතාව යළි කෝරානා උවදුර හිස ඔසවනාවාමෙන් මේ ගම්වලද අයාලයේ යන සුනඛයන්ගේ ප්‍රශ්නය කැලෑ නරිනගේ සපා කෑම මෙන් දරුණු තත්ත්වයට පත්ව තිබේ.

ජලභීතිකා රෝගය වෛරසයක් මගින් ක්ෂීරපායී සතුන්ගෙන් මිනිසාට සෑදෙන මාරාන්තික රෝගී තත්ත්වයකි. මෙය මිනිසාට බෝවන්නේ ආසාදිත සතෙකුගෙ ඛේටය (කෙල) ,සතා සපා කෑමෙන්,සීරීමක් ඇති තැනකින්,සම කැඩුණු තැනකින් හෝ ශ්ලේෂ්මල පටලයකින් මිනිස් සිරුරට ඇතුළු වීමෙනි. ශ්‍රී ලංකාවේ ජලභීතිකා රෝගයේ ප්‍රධාන වාහකයා සුනඛයා වේ.

යටත් විජිත යුගයේදී රෝගය මර්ධනය කිරීම සඳහා නීති රීති බල කෙරී ඇති බැවින් ජලභීතිකා රෝගය ශ්‍රී ලංකාව තුළ තිබූ බවට යෝජනා කිරීමට ප්‍රබල සාක්ෂි තිබේ. 1893 වර්ෂයේ ජලභීතිකා පනත හා 1904 යන සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත මේ පිළිබඳ පැහැදිලි දර්ශක වේ.

බල්ලා සිවුපාවෙකි.මිනිසා පළමුවෙන්ම හීලෑකල සතෙකු වේ.මිනිසා දඩයම් යුගය ගතකරන සමයේ මොවුන් හීලෑකරගන්නට ඇතැයි සැළකේ.මීට වසර 50000 පමණ ඈත අතීතයේදී පවා බල්ලා මිනිස් ඇසුරෙ දිවි ගෙවූ බවට පුරාවිද්‍යාත්මක සාධක ලැබී ඇත.ලෝකයේ සෑම රටක ම පාහේ බල්ලන් ජීවත් වෙයි. ගෘහස්ථ බල්ලාගේ විද්‍යාත්මක නාමය Canis lupus familiaris ය.මෙම ගම්මානවල මිනිසුසු සපා කන්නේ මෙම ගෘහස්ත සුනකයන් විසින් බැව් සෙඛ්‍ය අංහ පෙන්වා දෙති.

ජලභීතිකාව නැතිනම් කටවහරට කියන අන්දමට පිස්සු බලු රෝගය වෛද්‍ය විද්‍යාව තුළ (Rabies) නමින් හඳුන්වන අතර මෙහි ලතින් අර්ථය වන්නේ මෝඩකම යන්නයි. මෙය වෛරස රෝග ආසාදනයකි. මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ මොළයේ අභ්‍යන්තර පටක තුළ (Acuteencephalitis) ආසාදනය ඇති කිරීමයි. මෙය සත්ත්වයන්ගෙන් තවත් සත්ත්වයන් අතරට බෝවන රෝගී තත්ත්වයක් නිසා (Zoonotic) රෝගයක් ලෙස හැඳින්වෙයි.

ජලභීතිකා රෝගයෙන් පෙළෙන සත්ත්වයකු තවත් සත්වයකු සපාකෑමේ ප්‍රතිඵලයක් ලෙස රෝගය පැතිර යයි. ජලභීතිකා රෝගය වැළඳුන පසුව කඩිනමින් ප්‍රතිකාර නොගතහොත් මරණය අනිවාර්යයෙන්ම උරුම වන නිසා කලින්ම රෝගය ඇතිවීම වළක්වා ගැනීම ඉතා වැදගත් වේ. මෙම රෝගය මාධ්‍ය ස්නායු පද්ධතියේ මොළයට ඍජුව බලපායි. ආසියා කලාපයේ මේ රෝගයෙන් වාර්ෂිකව මියයන සංඛ්‍යාව 55000ට අධිකය.

කලින් කී අන්දමට ජලභීතිකාව රේබීස් (Rabies) නම් වයිරසය මගින් ඇති වෙයි. ලංකාව තුළ මේ රෝගයේ වාහකයන් ලෙස වනාන්තර තුළ වසන මුගටියන් ක්‍රියාකරන අතර වෙනත් රටවල මෙහිලා වවුල් විශේෂ ක්‍රියාකරයි. මේ සතුන්ගේ සපාකෑමෙන් රෝගය දඩාවතේ යන බල්ලන්ට බෝවෙයි. ගැඹුරට වන තුවාලය ඔස්සේ වයිරසය ශරීරයට ඇතුළු වෙයි. මීට අමතරව සීරුණු තුවාල, අපගේ ශරීරයේ ශ්ලේෂ්මල පටල (විශේෂයෙන් ඇස, උගුර අවට පටල) සහිත ප්‍රදේශ වයිරසය සහිත කෙළවලින් ලෙව කෑමෙන්ද රෝගය ඇති වෙයි.

මේ වයිරසය සාමාන්‍ය සම හරහා ඇතුළු වන්නේ නැත. රෝගකාරක වයිරසය ශරීරයට ඇතුළු වූ පසුව පළමුව එම ස්ථානයේ දී වයිරසය ගුණනය වෙයි. ඉන් අනතුරුව එය ආසන්නයේ පවතින චාලක ස්නායුවලට හෝ සංවේදක ස්නායු අන්තවලට ඇතුළු වන අතර මෙසේ ඇතුළු වූ වයිරස ස්නායුවල අක්සනය දිගේ මාධ්‍ය ස්නායු පද්ධතියට ඇතුළු වේ.

එහිදී ස්නායු තුළ ඉතා විශාල වශයෙන් ගුණනය වන මේ වයිරස හේතුවෙන් සිදුවන්නේ මානසික තත්ත්වය වියවුල් වීම සහ මොළයේ ක්‍රියා අඩපණ වීමයි. ස්නායු අතර ඇති අග්‍ර වන උපාගම අතරින් වයිරසය මධ්‍ය ස්නායු පද්ධතියේ සිට විවිධ ස්නායු ඔස්සේ ගමන් කරමින් ඒවායේ ක්‍රියා අකර්මණ්‍ය කරයි.

මේ ස්නායු ඔස්සේ ගමන් කරන වයිරස කංකාල පේශී, හෘද පේශී සහ අධිවෘක්ක මජ්ජාවට බලපායි. මේ කාලය වනවිට ඛේට ග්‍රන්ථිවලද ජලභීතිකා වයිරසය ගුණනය වන අතර එය රෝගය තවත් කෙනකුට පැතිරයෑමට ඉවහල් වෙයි. වයිරසය ශරීරගත වූ පසුව රෝග ලක්ෂණ ඇතිවීමට ගතවන කාලය සපාකෑමට ලක්වූ ස්ථානය අනුව වෙනස් වේ.

හිස, බෙල්ල, මුහුණ, අත සහ ඇඟිලි, ලිංගාශ්‍රිත ප්‍රදේශ, මුහුණේ ශ්ලේෂ්මල පටලවල හා සපාකෑම් වැඩි ගණනක් (දත් පහරවල් දෙකකට වඩා වැඩියෙන්) පවතින විට එය වඩාත් අනතුරුදායක අවස්ථා ලෙස සැලකේ. සපාකෑමට ලක්වූ ස්ථානයේ සිට පවතින දුර අනුව රෝග ලක්ෂණ පහළවීමට ගතවන කාලය වෙනස් වෙයි. හිස, ගෙල, මුහුණ, ප්‍රදේශයේ සපාකෑමක් සිදුවන විට සතියකට අඩු කාලයකදී රෝග ලක්ෂණ ඇති වෙයි. පාදය වැනි දුරස්ථ ප්‍රදේශයක සපාකෑමක් සිදුවූ විට ඇතැම් රෝග ලක්ෂණ ඇතිවීමට වසරක් පමණ කාලයක් ගතවිය හැකිය.

අපේ ඇතැම් දෙනා මෙවැනි සපාකෑම් සිදුවූ විට එහි තුවාලයට පමණක් ප්‍රතිකාර කොට, තුවාලය හොඳ වූ පසුව ඒ ගැන නොසලකති. නිසි පරිදි එන්නත් ලබා නොගෙන සිටින්නන් තුළ ජලභීතිකාව වසර ගණනාවකින් පසුව මතුවන්නේ මේ නිසාය.

කුඩා ළමයින්ට රෝග ලක්ෂණ ඉක්මණින් පහළ වෙයි. ජලභීතිකාවේ දී රෝග ලක්ෂණ ඇතිවන්නේ කෙසේ දැයි මඳක් විමසා බලමු. ආරම්භයේ දී උණ, සීතල ගතිය, හිසේ කැක්කුම, වෙහෙස ගතිය දැනීම, ආහාර අරැචිය, මාංශපේශී වේදනාව හා ආලෝකයට මුහුණ දීමට අපහසු වීම ආදී ලක්ෂණ ඇතිවෙයි. මේ රෝග ලක්ෂණ බොහෝ විට වෙනත් ශරීර පද්ධතියක ඇතිවන රෝගයකට සමාන (ශ්වසන, ආහාර මාර්ග හෝ මානසික) රෝග ලක්ෂණ ලෙස සලකන නිසා එය නොසලකා හැරෙයි.

ජලභීතිකා රෝගයේ ආරම්භක රෝග ලක්ෂණ ලෙස ඇඟපත විඩාව, උණ, හිසරදය ඇතිවන අතර ඉන්පසුව තමාට පාලනය කරගත නොහැකි අන්දමේ අතපය ගැස්ම, චලනය ඇතිවේ. මානසික අවපීඩනය ඇතිවේ. ස්නායු අඩපණ වීම නිසා උගුරේ මාංශපේශි අක්‍රීය වීමෙන් උගුරෙන් පහළට කිසිවක් ගමන්නොකිරීම සිදුවේ. මේ නිසා ජලය පානය අපහසු වේ.

සාමාන්‍ය ව්‍යවහාරයේ ජලය දුටු විට බියක් ඇතිවන බව පවසන්නේ මේ නිසාය. පසුව රෝගියා අඩපණ තත්ත්වයට පත්වී කෝමා (Coma) ස්වභාවයට අවතීර්ණ වේ. ජලභීතිකා රෝගයෙන් රෝගියා මිය යෑමට බලපාන ප්‍රධාන හේතුව ස්වසනය අවහිර වීමය. සුනඛයන් ජලභීතිකාව රෝගය ඇතිකරන ප්‍රධාන රෝග වාහකයක් ලෙස ක්‍රියාකරන අතර ලොව පුරා මෙය ප්‍රතිශතයක් ලෙස 97% ප්‍රමාණයකි.

ජලභීතිකා රෝග වෛරසය ශරීරගතවී සති දෙකත් දොළහත් අතර කාලයේදී රෝග ලක්ෂණ ඇතිවන නමුත් සමහර අවස්ථාවලදී රෝග ලක්ෂණ ඇතිවීම වසර දෙකක් තරම් දීර්ඝ කාලයක් ගතවන අවස්ථා ද ඇත. ආරම්භයේදී පෙර සඳහන් කළ පරිදි ඇඟපත වේදනාව, හිසරදය රෝග ලක්ෂණ ලෙස ඇතිවන අතර ඉන්පසුව අතපය පණ නැතිවීම ඇතිවේ.

මොළයේ ක්‍රියාකාරීත්වය වියවුල් වීම අවසන් අදියරයි. බිය, නින්ද නොයෑම, මානසික වියවුල් ස්වරෑපය, අසාමාන්‍ය චර්යා රටා දිස්වේ. කතා කිරීමට නොහැකි වීම, කෙළ ගිලීමට අපහසු වීම ඇතිවේ. මේ නිසා සෙම මුඛයෙන් ඉවතට පැමිණීමත් ජලයට බිය වීම හෙවත් (Hydrophobia) රෝග ලක්ෂණ ඇති වේ.

පළමු රෝග ලක්ෂණය ඇතිවී දින දෙකත් දහයත් අතර කාලයේදී මරණය අනිවාර්යයෙන්ම උරුම වේ. ජලභීතිකා වෛරසය දිගින් නැනෝමීටර 180ක් පමණ වන අතර (RNA) වර්ගයට අයත්ය. ආවරණ කොපුවක් රහිත වෛරසයකි. මේ නිසා දේහයට ඇතුළුවන වෛරසය ඉතා ඉක්මණින් මධ්‍ය ස්නායු පද්ධතිය වෙත (Neurotropic) ගමන් කරයි.

ඉන්පසුව අනෙක් අවයව වෙතට ගමන් කරන අතර වෛරසය ඒකරාශී වීම ඛේට ග්‍රන්ථි ආශ්‍රිතව සිදුවේ. මේ අනතුරැදායක ස්වභාවය වන්නේ සපාකෑම තුළින් වැඩිම වෛරස් ප්‍රමාණයක් ඛේටය සමඟ අපේ ශරීරයට ඇතුළු වීමයි.

ඉන් අනතුරුව ක්‍රමානුකූලව රෝග ලක්ෂණ වැඩිවීම සිදුවෙයි. මානසික අවපීඩනය, නින්ද නොයෑම, ව්‍යග්‍රතාව අවුල් සහගත බව, ඇඟපත හිරිවැටීම, වේදනාව හා බිය වැනි ලක්ෂණ පහළ වෙයි. මේ තත්ත්වයෙන් අනතුරැව ජලභීතිකාව ආකාර දෙකකට වර්ග කළ හැකිය.

මෙය වඩාත් සුලභ ආකාරයකි. ස්වයං සාධක ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය වෙනස්  වීම නිසා ඛේට ස්‍රාවය වීම වැඩි වීම, කිරි ස්‍රාවය, අධික ලෙස දහදිය දැමීම, රුධිර පීඩනය වෙනස් වීම, මුත්‍රා පිටවීම වැඩිවීම සහ මොළයේ ආසාදන ආදිය ඇති වෙයි. මේ රෝග ලක්ෂණ සහිත පුද්ගලයෝ වතුර බීමට උත්සාහ කළත් උගුරේ මාංශ පේශීවල ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වීම නිසා එයට අකැමැති වෙති.

ජලය හෝ වෙන යමක් පානය හෝ ගිලීම ප්‍රතික්ෂේප කරති. ශ්වසන පද්ධතියේ මාංශ පේශීවල ද ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වන අතර, බෙල්ලේ මාංශ ගැස්ම නිසා බෙල්ල පිටුපසට නැවෙයි. අවසානයේ සිහිය නැතිවීම, අධික උණ ඇති වීම, අපස්මාරය වැනි ලක්ෂණ පහළ වීමත් හෘද ක්‍රියාකාරිත්වය බිඳ වැටීමත් සිදුවී මරණයට පත්වෙයි.

මෙහිදී ප්‍රධාන වශයෙන් සුසුම්නාවට බලපාන අතර සපාකන ලද කොටසේ මාංශපේශීන් අඩපණ වීමක් සිදුවෙයි. සංවේදක යාන්ත්‍රණයන් ද අක්‍රීය වෙයි. සපා කෑ ස්ථානයේ හිරිවැටීමක් ඇති වන අතර උගුරේ මාංශපේශී අක්‍රීය වී මරණය සිදුවේ.

ජලභීතිකාව රෝගය වැළඳුණු මිනිසුන් ඉහත රෝග ලක්ෂණ පෙන්වන අතර රෝගය සහිත බල්ලන් හා බළලුන් හඳුනාගැනීම ඉතා වැදගත් වෙයි. මෙහිදී ද ආකාර දෙකක සතුන් දැකිය හැකිය. සමහර සතුන් ආවේගශීලීව හැසිරෙන අතර ඇතැම් සත්තු නිද්‍රාශීලී ලක්ෂණ පෙන්නුම් කරති. අරමුණක් නොමැතිව ඒමේ අත ඉබාගාතේ දිවයති. උගේ කටහඬ වෙනස් වෙයි.

අධික ලෙස කෙළ ස්‍රාවය සිදුවන අතර පසුව සිහි විකල්භාවයටත් මරණයටත් ලක්වෙයි. මෙහි අනෙක් ආකාරයේ දී බල්ලෝ ඉතා අලස බවක් නිද්‍රාශීලීත්වයක් දක්වති. හැකි පමණ අනෙක් සතුන් ගෙන් ඈත් වී සිටීමට උත්සාහ ගනිති. දින තුනක් වැනි කාලයක් ඇතුළත මරණයට පත්වෙයි.

මතුපිට තුවාල සුවවූවත්, ශරීරය තුළ වයිරසය ක්‍රියාකාරී වියහැකි බැවින් එය මර්දනයට එන්නත් ලබාගැනීම මේ නිසා වැදගත් වෙයි. සපා කන ලද බල්ලාට ජලභීතිකාව ඇතැයි සැකකරන සෑමවිටම බල්ලා මරා උගේ හිස අදාළ රෝහලට බාරදෙන ලෙසත් ඉන් අනතුරුව හිස කොළඹ වෛද්‍ය පර් යේෂණ ආයතනයට (MRI) එවන ලෙසත් උපදෙස් දී ඇත.

මතක තබාගන්න, ජලභීතිකාව රෝගය වැළඳුණු පසුව එයට ප්‍රතිකාර නොමැත.

යම් පුද්ගලයකු ජලභීතිකා රෝගයෙන් පෙළෙන සත්ත්වයකු විසින් සපාකන ලදැයි සැකකරන අවස්ථාවකදී විශේෂ එන්නත් වැඩපිළිවෙළක් දැනට ක්‍රියාත්මක වෙයි. මෙම වැඩපිළිවෙළේ ආරම්භය 1885 වර්ෂයේදී ලුවී පාශ්චර් විසින් අරඹන ලදී. සපාකන ලද සත්ත්වයාගේ ස්වභාවය, සපාකන ලද ස්ථානය ආදිය මත පදනම්ව මෙම එන්නත් ලබාදීම සිදුවේ.

ඒ.ඩබ්ලිව්. ඒ නිමල් – බෝගහගොඩ

Related posts

Leave a Comment