ගාල්ල සම්බන්ධිකරණ රැස්වීමට ආණ්ඩු පක්ෂ ප්‍රතිපක්ෂ මන්ත්‍රී පොල්ලක්

ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ රැස්විමට ගාල්ල දිස්ත්‍රික් ආණ්ඩු පක්ෂ හා ප්‍රතිපක්ෂ මන්ත්‍රි වරු රැසක් අද 24 පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරන රැස්විමට එක් ව සිටියේ නැත.

මෙය ඉතා බරපතල අඩුවක් බවට පත්ව තිබු බව දැකිය හැකි විය.ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ඇමති කාබනික පොහොර ඇමති මොහාන් පීද සිල්වා,ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වරුන් වු චන්දිම වීරක්කොඩි,ශාන් විජලාල් ද සිල්වා ගීතා කුමාරසිංහ, මෙන්ම සමගි ජන බලවේගයේ ගයන්ත කරුණාතිලක, මනුෂ නානායක්කාර යන මන්ත්‍රිවරුන්ද  මෙම ගාල්ල සම්බන්ධිකරණ රැස්විමට එක්ව සිටියේ නැත.

වැවිලි කරිමාන්ත ඇමති දොස්තර රමේෂ් පතිරණ සම්බන්ධිකරණ සම්පත් අතුකෝරල, ඉසුරු දොඩංගොඩ ,දකුණු පළාත් ආන්ඩුකාර වරයාද එක්ව සිටියේ ය.

ඒ.ඩබ්ලිව්. ඒ නිමල්- බෝගහගොඩ

Related posts