ගින්නක් හේතුවෙන් වතු නිවාස 24ක් විනාශයට

ලිදුල බබරගල වතුයායේ වතු නිවාස පේලියක් තුල හට ගින්නක් හේතුවෙන් එහි නිවාස 24ක් විනාශවි පුද්ගලයන් 70ක් අවතැන්ව ඇත.

ලිදුල බබරගල වතුයායේ වතු නිවාස පේලියක එක් නිවසක් තුල 10 දින රාත්‍රියේ හටගත් ගින්නක් පැතිර යාමත් සමග එහි නිවාස 24ක් විනාශයට පත්ව ඇති බව ලිදුල පොලිසියේ නිලධාරියකු පවසන ලදි.

එම ගින්නෙන් විනාශයට පත්වු නිවාසවල පදිංචිව සිට 70 නෙකු මේ වන විට අවතැන්ව ඇති බවත් ඔවුන් පිරිසක් එම වතුයායේ සංස්කෘතික මධ්‍යස්ථානයේද තවත් පිරිසක් එහි කෝවිලක් තුලද තවත් පිරිසක් ඔවුන්ගේ ඥති නිවාසවලද තාවකාලිකව පදිංචිව නවාතැන් ගෙන සිටින බවද එම නිලධාරියා පවසන ලදි.

එක් නිවසක් තුල හටගත් මෙම ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැකකරන බවත් මෙම ගින්නෙන් එම නිවනාසවල තිබු බඩු භාන්ඩ විනාශවි ඇති බවත් එහි අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවත්  මේ පිලිබදව වැඩි දුර පරික්ෂන පරික්ෂන ආරම්භ කර ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මෙම ගින්නෙන් අවතැන්වු අයට පිසු ආහාර ලබා දිමට ආගරපතන ප්‍රාදේශිය සභාව හා වතු පාලක මණ්ඩලය විසින් පියවර ගෙන ඇත.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts

Leave a Comment