ගෝඨාභය ජේ.ආර් පසුකරයි ද?

පසුගිය මහමැතිවරණයේ දී පොදුජන පෙරමුණ ඵෛතිහාසික ජයක් වාර්තා කළේය. ඒය ඵෛතිහාසික ජයග්‍රහණයක් වන්නේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඒක් පක්ෂයක් තුනෙන් දෙකකට ආසන්න මන්ත්‍රීධුර  සංඛ්‍යාවක් මෙම මැතිවරණයේ දී ලබා ගැනීමට සමත්වීම හරහාය. 1978 ව්‍යවස්ථාවේ නිර්මාතෘ ජේ.ආර් ජයවර්ධන මහතා කිසියම් පක්ෂයක් මේ ආකාරයේ ජයග්‍රහණයක් ලබා ගැනීමට ඇති ඉඩ කඩ මෙම ව්‍යවස්ථාවෙන්ම අවහිර කර තිබුනේ මෙම ව්‍යවස්ථාවේ ආරක්ෂාව සදහාය. නමුත් ඒම අවහිරතා බිද දැමීමට රාජපක්ෂවරැ මෙවර සමත් විය.

මහ මැතිවරණයේ දී මෙවර ඔවුන් සෘජුවම ආසන 145 දිනා ගත් අතර, ඔවුන් සමග සන්ධානගත වී සිටින ශ්‍රීලනිපය, ඩග්ලස් දේවානන්ද, පිල්ලෙයාන්, අතාවුල්ලාගේ වැනි අයගේ මන්ත්‍රී ධුරයන් සමග 150 කට වැඩි ආසන සංඛ්‍යවක් ලබා ගත හැක. ඒයත් ප්‍රමාණවත් නොමැති නම් දැනට විපක්ෂයේ පසුවන අනෙකුත් මුස්ලිම් හා දෙමළ පක්ෂවල සාහය ලබාගෙන අවශ්පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් වුවද ගොඩනැගිය හැක.

මේ හා සමාන බලයක් ලබා ගැනීමට 1977 දී ජේ.ආර් ජයවර්ධන මහතා ප්‍රමුඛ ඒක්සත් ජාතික පක්ෂය රජය සමත් විය. නමුත් ඒ බලය ලබා ගැනීම සිදු වුයේ  ඒවකට පැවති ජනරජ ව්‍යවස්ථාවට පින්සිදු වන්නටය. ඒසේ හයෙක් පහකට ආසන්න බලයක් ලබා ගත් ජේ.ආර් ඒවකට අවුරැදු පහකට ආසන්න වයසක සිටි ජනරජ ව්‍යවස්ථාව  සම්පුර්ණයෙන් උඩු යටි කොට අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට තිබු විධායක බලය, ජනාධිපතිවරයෙකු වෙත පවරමින් මෙම නව ව්‍යවස්ථාව ගොඩනගන ලදී. ඒහි දී පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට පැවති ආසන නියෝජන ක්‍රමය වෙනුවට සමානුපාතික නියෝජන ක්‍රමයක් ද ඇති කරමින් ජේ.ආර්ට ලැබුන ආකාරයේ බලයක් තවත් කෙනෙකුට ලැබීමට ඇති අවස්ථා ඒමගින් අවහිර කරනු ලැබීය.

ජේ.ආර් ජයවර්ධන මහතා ගෙන ඒනු ලැබූ මෙම ව්‍යවස්ථාවට ඒක්සත් ජාතික පක්ෂය හැරැණු කොට අනෙකුත් සියලුම පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන ඇතුලු ප්‍රගතිශීලීන් දැඩි ලෙස විරැද්ධ විය. මෙම ව්‍යවස්ථාව හරහා  ඒකාධිපතියෙකු බිහිකරන බවටත්, ගැහැනියෙක් පිරිමියෙක් කිරීම හැරණු කොට අන් සියලු දේ මෙම ව්‍යවස්ථා හරහා කිරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන බවටත් ප්‍රකාශ විය.

ඒක්සත් ජාතික පක්ෂයේ දාහත් අවුරැදු පාලනයෙන් පසුව පැමිණියේ මෙම ඒකාධිපති ව්‍යාවස්ථාව වෙනස් කිරීමේ කතිකාවයි. 1994 සිට බලයට පත් විපක්ෂ බලවේගයන්ගේ ප්‍රධාන සටන් පාඨයක් වුයේ මෙම ඒකාධිපති ව්‍යවස්ථාව තමන් බලයට පැමිණි විගස ඉරා දමන බවට ලබා දුන් විවිධි පොරොන්දුය. ඒ් සදහා පොරොන්දු මෙන්ම ගිවිසුම් ගණාවක්ද ඇති කරගනු ලැබීය. 1994 දී බලට පැමිණි චන්ද්‍රිකා මැතිණිය ප්‍රකාශ කළේ ජේ.ආර් ජයවර්ධනගේ බහු භුත ව්‍යාවස්ථාව මාස 6ක් ඇතුලත වෙනස්කර නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන බවයි. කෙසේ හෝ 1994 සිට 2019 දක්වා බලයට පත් සියලුම දෙනා ප්‍රකාශ කළේ මෙම ඒකාධිපති ව්‍යස්ථාව රටට අහිතකර බවත්, ඒය වෙනස් කිරීම සදහා තමන් බලයට පත්කරන ලෙසයි. ඒ් අනුව අවුරැදු විසිපහක් තිස්සේ අවස්ථා 5කදී මේ රටේ ජනතාව විසින් ජනාධිපතිවරැන් තිදෙනෙකු මේ සදහා පත්කර ඒවා තිබේ.

නමුත්, අප දුටුවේ 1978 ව්‍යවස්ථාව වෙනස් කිරීමට පැමිණි අය ඒය තව දුරටත් ශක්තිමත් කිරීමට ගනු ලැබු විවිධ  උත්සාහයන්ය. ජේ.ආර් විසින් ඒක් පුද්ගලයෙකුට ජනාධිපති ධුරය දැරිය හැකි වාර ප්‍රමාණය දෙකකට සීමා කරනු ලැබු අතර ව්‍යවස්ථාව වෙනස් කරන්නට පැමිණි අය ඒම වාර දෙකේ සීමාව ඉවත් කරනු ලැබීය. ඒමෙන්ම, විධායක බලය යම් පමණකට සීමා කිරීම සදහා ඇති කළ 17 වන ව්‍යවස්ථාව බලරහිත වන ආකාරයට 18 වන ව්‍යවස්ථා සශෝධනයක් ගෙන ඒමින් ජේ.ආර් ජයවර්ධන මහතාට මොනයම්ම හේතුවක් නිසා හෝ සිදු කිරීමට නොහැකි වූ දේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා විසින් සිදු කිරීම පමණි.

මෙම ව්‍යවස්ථාව ගෙන ඒනු ලැබු ජේ ආර් ජයවර්ධන ප්‍රමුඛ ඒක්සත් ජාතික පක්ෂයට ඒරෙහි විශාල විරෝධයක් රට තුළ ගොඩනැගුනත්, ඔහු ගෙනා මෙම ව්‍යවස්ථාව මෙතෙක් ආරක්ෂා කරමින් ඒය තව දුරටත් බල සම්පන්න කරනු ලැබු මහින්ද රාජපක්ෂ කෙරෙහි ඒවැනි විරෝධයක් රටේ මතුව නැත. මෙම මැතිවරණ ප්‍රථිපලයන් හරහා පෙනී යන්නේ ඒ් සදහා විශාල ප්‍රසාදයක් රාජපක්ෂවරැන් වෙත ඇති බවයි. පසුගිය ජනාධිපතිවරණයෙන් හා මහමැතිවරණයෙන් පෙන්නුම් කරනු ලැබුවේ ද ඒයයි.

2019 ජනාධිපතිවරණයෙ දී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබදව ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගෙන්ම කිසිදු අදහසක් ඉදිරිපත් නොකළ අතර, ඒ සම්බන්ධව කාටවත් ප්‍රශ්ණයක් ඇති බවක් ද නොපෙනුනි. ඒපමණක් නොව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්කරමින් හැට නම ලක්ෂයකට වැඩි ජනතාවක් ඉල්ලා සිටියේ 1978 ව්‍යවස්ථාවේ සදහන් ව්‍යවස්ථානු කූල බලයට වඩා වැඩි බලයක් සහිත ජනාධිපතිවරයෙක් රටට අවශ්‍ය බවයි. පසුගිය මහ මැතිවරණයෙන් ද ඒ සදහා අවශ්‍ය බලය ජනාධිපතිවරයාට නැවතත් ලබා දී තිබේ. තුනෙන් දෙකට වැඩි බලයක් සහිත වර්තමාන ජනාධිපතිවරයා ජේ.ආර් ජයවර්ධන පසු කරනු ඇත්දැයි අපි දැන් බලා සිටිමු.

Related posts

Leave a Comment