ඩෙවොන් අනතුරෙන් කාන්තාවක් මරුට

දිඹුල පොලිස් වසමේ ඩෙවොන් ප්‍රදේශයේ සිදුවු ත්‍රිරෝද ලොරි රථ අනතුරකින් කාන්තාවක් මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා එම තුවාලකරුවන් කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු දිඹුල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 23වන දින වත්තල ප්‍රදේශයේ සිට නානුඔය දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රිරෝධ රථයක් ලොරි රථයක ගැටිමෙන් ත්‍රිරෝධ රථයේ ගමන් ගත් අවුරුදු 29ක් පමන වයසැති කාන්තාවක් මිය ගොස් ඇති බවත්ය.

එම ත්‍රිරෝධ රථයේ රියදුරු මෙන්ම එහි ගමන් ගත් මිය ගිය කාන්තාවගේ මවද තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති බවත් ලොරි රථයේ රියදුරු මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති බවත් මෙම අනතුර පිලිබදව දිඹුල පොලිසිය මගින් වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවත් එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු කොටගල ප්‍රාදේශීය රෝහලේ නිලධාරිනියක පවසන ලද්දේ තුවාලකරුවන්ගේ තත්වයන් බරපතල නොවන බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts