තලවාකැලේ වෙළදසැලක් ගිනීගනි

තලවාකැලේ නගරයේ වෙළදසැලක් තුල 18වන දිනක අලුයම හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් එම වෙළද සැලට දැඩි හානි සිදුව ඇත.

මෙම වෙළදසැල තුල ගින්න හට ගත් අවස්ථාවේ තලවාකැලේ පොලිසිය, යුධ හමුදාව, තලවාකැලේ ලිදුල නගර සභාව හා ප්‍රදේශයේ ජනතාව එකත්ව එම ගින්න නිවා දැමිමට පියවර ගෙන ඇති අතර එම ගින්න මැඩ පවත්වන විටද එම වෙළදසැලේ බඩු භාන්ඩ සියල්ල විනාසයට පත්ව ඇත.

මෙම ගින්න හට ගත් අවස්ථාවේදි දැඩි වෙහෙසක් ගෙන ගින්න මැඩ පැවැත්විම හේතුවෙන් එම වෙළදසැලට යාබද බැංකු ගොඩනැගිල්ලක් ඇතුළු අනිකුත් ගොඩනැගිලිවලට ගින්න පැතිරයාම වලක්වා ගැනිමට හැකිවු බව තලවාකැලේ පොලිසියේ නිලධාරියකු පවසන ලදි.

මෙම ගින්නෙන් සිදුව ඇති අලාභයන් පිලිබදව මෙතෙක් තක්සේරු කර නොමැති බවත්මෙම ගින්නට හේතුව විදුලිකාන්දුවක් බවට සැක කරන බවත් මෙම ගින්න පිලිබදව වැඩි දුර පරික්ෂන පවත්වන බවත් එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts

Leave a Comment