තවත් කොරෝනා ආසාදිතයින් 22 දෙනෙකු හඳුනා ගැනෙයි

coronaupdates

කොරෝනා ආසාදිතයින් 22 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2752 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඉන් පුද්ගලයින් 14 දෙනෙකු සෞදි අරාබියේ සිට මෙරටට පැමිණි අය වේ.

තවත් 7 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අය වේ.

කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් සෙසු පුද්ගලයා කන්දකාඩු ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකි.

මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 677 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

 

Related posts