තවත් කොරෝනා මරණ 07 ක්

coronadead

තවත් කොරෝනා මරණ 07 ක් මෙරටින් වාර්තා වී තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 59 ත් 86 ත් අතර වයස් කාණ්ඩවල පසුවන පිරිමි පුද්ගලයින් පස්දෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක්. ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 615 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, අද දිනයේ මේ දක්වා කාලය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 129 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 96,078 ක් දක්වා ඉහළගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

Related posts