තවත් පුද්ගලයින් 69 කට කොරෝනා – ඉදිරි පැය කිහිපය ඉතා තීරණාත්මකයි

මිනුවන්ගොඩ පිහිටි ප්‍රසිද්ධ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන තවත් සේවක සේවිකාවන් 69 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරුවී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

මෙම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන අයවළුන් මුණ ගැසීමට පසුගිය දින කිහිපයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පුද්ගලයින් පැමිණි ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ අනුව දැනට සිදුකරනු ලබන PCR පරීක්ෂණ සිදුකොට ඔවුන්ට කොරෝනා වසංගතය ආසාදනයවී ඇත්ද යන්න සැකහැර දැන ගැනීමට අවශ්‍ය බැවින් ඉදිරි පැය 72ක කාලය ඉතා තීරණාත්මක බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

Related posts

Leave a Comment