තවත් බැංකු සේවකයෙක්ට කොරෝනා

covid infections today

තවත් පෞද්ගලික බැංකුවක සේවකයෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඒ, මතුගම ප්‍රදේශයේ පෞද්ගලික බැංකු ආයතනයක සේවකයෙකුටයි.

මේ අතර  මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන ගම්මාන වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා ගම්මාන ලෙස නම් කර ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

එම ගම්මාන ඇසුරෙන් කොරෝනා වෛරසය ආසාදිතයින් 17 දෙනෙකු සොයා ගෙන ඇති බවයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

Related posts

Leave a Comment