ත්‍රිරෝද රථයක් ප්‍රපාතයට

හැටන් සිට දික්ඔය දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක් අලුත් ගාල ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් අනතුරක් සිදුව ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් මුලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පවසන ලද්දේ 27වන දින උදැසන මෙම ත්‍රිරෝද රථය පෙරලි ඇති බවත් එහි තුවාල ලැබු කිසිවකු ගැන වාර්ථා නොවන බවත්ය.

මේ පිලිබදව දික්ඔය රෝහලින්ද විමසිම් කලද එහිද අනතුරකින් කිසිදු රෝගියකු ඇතුලත් කර නොමැති බවද එම නිලධාරියා පවසන ලදි.

කෙසේ වුවද අනතුරට පත් ත්‍රිරෝද රථය පොලිසිය වෙත ගෙන විත් එම අනතුර පිලිබදව පරික්ෂණ මෙහෙය වන බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts

Leave a Comment