තීරණාත්මක නඩු විභාගය අරඹයි

law

කොළඹ වරාය කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සලකා බැලීම අද (19) උදේ ඇරඹීමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ජනතා විමුක්ති පෙරමුණ, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමය, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු සංවිධාන ඉදිරිපත් කර තිබෙන පෙත්සම් විභාග කිරීම මුලින්ම සිදුකිරීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාග කෙරේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන විනිසුරුවරුන් ඉදිරියේ මෙම පෙත්සම් විභාගයට ගැනේ.

Related posts